සූරා 34 · ජුස් 22
Saba · 34:16
فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ
නමුත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත අරිම් (නම් මිටියාවතේ) ජල ගැල්ම ඔවුන් වෙත එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන්ම මසන් ගස් වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් බවට අපි ඔවුනට පෙරළා දුනිමු.
තෆ්සීර්
නමුත් අල්ලාහ්ට කෘතඥ වීමට සහ ඔහුගේ දූතවරුන් විශ්වාස කිරීමට ඔවුහු ප්රතික්ෂේප කළෝය. එවිට ඔවුන්ගේ ආශිර්වාදයන් විනාශයක් බවට පෙරළා දමමින් අපි ඔවුන් දඬුවමට ලක් කළෙමු. ඒ අනුව අපි ඔවුන්ගේ වේල්ල විනාශ කළ, ඔවුන්ගේ ගොවිපලවල් ජලයෙන් යට කළ ධාරානිපාත ජල ධාරාවක් ඔවුන් වෙත යැව්වෙමු. ඔවුන්ගේ උයන් දෙක තිත්ත පළතුරු හටගන්වන උයන් දෙකක් බවට පෙරළා දැමුවෙමු. ඒ දෙකෙහි පල හට නොගන්නා ගස් හා මසන් ගස් කිහිපයක් ද විය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න