සූරා 34 · ජුස් 22
Saba · 34:8
أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَمْ بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ
ඔහු (මුහම්මද්) අල්ලාහ් වෙත ප්රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතු ලොව පිළිබඳ ව විශ්වාස නොකරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.
තෆ්සීර්
මේ මිනිසා අල්ලාහ් මත බොරු ගොතා අප මිය ගිය පසු ව අප ව යළි අවදි කරන්නා පිළිබඳ ඔහු තරයේ පවසා සිටින දෑ ඔහු තිරසාර ලෙස පවසන්නේ ද? එසේ නැතහොත් ඔහු කිසිදු සත්යයක් නැති උමතුවෙක් ද? මොවුන් විශ්වාස කරන පරිදි කරුණ නැත. එය සිදු වන්නේමය. සැබැවින්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි, ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැඩි දඬුවමෙහි සිටිනු ඇත. එමෙන්ම මෙලොවෙහි ද සත්යයෙන් දුරස් ව අන්ත මුළාවෙහි පසුවනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න