සූරා 34 · ජුස් 22

Saba · 34:7

وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ

නුඹලා පූර්ණ ලෙස කීතු කීතු වලට ඉරා දමනු ලැබූ විට, නියත වශයෙන්ම නව මැවීමක් තුළට නුඹලා පත් වීම ගැන නුඹලාට දැනුම් දෙන මිනිසෙකු සම්බන්ධයෙන් නුඹලාට අපි දන්වා සිටින්නදැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.

තෆ්සීර්

අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගෙන් ඇතැමෙකුට දූතයාණන් කවර කරුණක් ගෙන ආවේ ද ඒ ගැන පුදුමයෙන් හා හාස්යයෙන් යුතු ව, "සැබැවින්ම නුඹලා මරණයට පත් වූ විට නුඹලා කෑලි කෑලි වලට කපා හරිනු ලැබූ විට නුඹලාගේ මරණයෙන් පසු නුඹලාව යළි ජීවමානයන් ලෙස අවදි කරනු ලබන්නේ යැයි නුඹලාට දැනුම් දෙන මිනිසෙකු ගැන අපි නුඹලාට දන්වා සිටින්නදැ?"යි වමිසා සිටියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න