සූරා 34 · ජුස් 22

Saba · 34:6

وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ

තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ, එයමය සත්‍යය යැයි ද එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.

තෆ්සීර්

නබි සහගාමීන් අතර සිටි විද්වත්හු හා ආගම් ලත් ජනයා අතරින් අල්ලාහ් පිළිබඳ විශ්වාස කළ විද්වත්හු දිව්ය පණිවිඩ අතරින් නුඹ වෙත අල්ලාහ් පහළ කළ දෑ කිසිදු සැකයක් නැති සත්යය බවත් කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි මෙලොවෙහි හා මතුලොවෙහි ප්රශංසාලාබී සර්වබලධාරියාණන්ගේ මාර්ගය වෙත එය මග පෙන්වන බවත් සාක්ෂි දරති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න