සූරා 34 · ජුස් 22

Saba · 34:5

وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مِنْ رِجْزٍ أَلِيمٌ

අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන්, තමන්ට වේදනීය නපුරු දඬුවම ඇත්තෝ ඔවුහුමය.

තෆ්සීර්

අල්ලාහ් පහළ කළ වදන් නිෂ්ඵල කිරීම සඳහා වෙරදරමින් කටයුතු කළවුන් වනාහි, ඔවුහු ඒ ගැන ‘එය හූනියමකැ’යි පැවසූහ. අපගේ දූතවරුන් ගැන ‘ඔහු හූනියම් කරුවෙකි. මායා කරුවෙකි. කවියෙකි.’ යැයි පැවසූහ. මෙම ගුණාංගවලින් විස්තර කරනු ලැබූවන්හට මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නපුරු හා දරුණු දඬුවම් සතු වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න