සූරා 34 · ජුස් 22

Saba · 34:23

وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ ۚ حَتَّىٰ إِذَا فُزِّعَ عَنْ قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا الْحَقَّ ۖ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ

(මලක්වරු අතරින්) කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම ප්‍රයෝජනවත් නොවෙයි. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසූහ. සත්‍යය යැයි ඔවුහු පැවසූහ. තවද ඔහු අතිශ්‍රේෂ්ඨ අති උත්තරීතරය.

තෆ්සීර්

අල්ලාහ් අවසර දුන් අය හැර වෙනත් කිසිවෙකුගේ මැදිහත්වීම කිසිවෙකුට ප්රයෝජනවත් වන්නේ නැත. අල්ලාහ් පිළිගත් අයට මිස වෙනත් කිසිවෙකුට මැදිහත් වීම සඳහා අවසර දෙන්නේ නැත. එය ඔහුගේ බලමහිමය හේතුවෙනි. ඔහුගේ බලමහිමය අතරින් ඔහු අහසෙහි කතා කළ විට ඔවුන්ගේ හදවත්වලින් බිය පහ ව යන තරමට ඔහුගේ ප්රකාශයට යටහත් පහත්ව ඔවුන්ගේ පියාපත් හෙළනු ඇත. මලක්වරුන් ජිබ්රීල් අලය්හිස් සලාම් තුමාට ‘නුඹේ පරමාධිපති කුමක් පවසන්නේ දැ?යි විමසති. එවිට ජිබ්රීල් "ඔහු සත්යය පැවසීය. ඔහුගේ පැවැත්මෙන් හා ඔහුගේ බලාධිකාරයෙන් ඔහු අති උසස්ය. ඔහු හැර සෙසු සියලු දෑට වඩා ඔහු අති ශ්රේෂ්ඨය." යැයි පවසනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න