සූරා 34 · ජුස් 22

Saba · 34:22

قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِنْ شِرْكٍ وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِيرٍ

අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.

තෆ්සීර්

අහෝ දූතය! එම දේව ආදේශකයින්ට නුඹ මෙසේ පවසනු: “අල්ලාහ් හැර නුඹලාට සැබැවින්ම දෙවිවරුන් සිටන බව නුඹලා විශ්වාස කරන එම දෙවිවරුන් නුඹලාට යහපත ගෙන දෙන්නට හෝ නුඹලාට අත්වන උවදුරු නුඹලාගෙන් පහ කිරීමට හෝ නුඹලා ඇරයුම් කර සිටිනු. ඔවුනට අහස්හි හා මහපොළොවේ අනුවක තරම් ප්රමාණයක් හෝ කිසිදු හැකියාවක් නැත. අල්ලාහ් සමග එහි ඔවුනට හවුල් විය ද නොහැක. අල්ලාහ්ට උපකාර කරන කිසිවකු ද නැත. ඔහු සියලු හවුල්කරුවන්ගෙන් හා උදව්කරුවන්ගෙන් තොර ස්වාධීනය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න