සූරා 34 · ජුස් 22

Saba · 34:21

وَمَا كَانَ لَهُ عَلَيْهِمْ مِنْ سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَنْ يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ

තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නොවීය. නමුත් මතු ලොව පිළිබඳ ව ඒ ගැන සැකයෙහි පසුවන අය අතුරින් විශ්වාස කරනුයේ කවුරුන්දැයි අප දැනගනු පිණිස මිස එව නොවීය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ සංරක්ෂා කරන්නාය.

තෆ්සීර්

ඔවුන් නොමග යැවීමට ඔවුනට බල කරන කිසිදු ආධිපත්යයක් ඔවුන් මත දරන්නට ඉබ්ලීස්ට නොවීය. සැබැවින්ම ඔහු ඔවුනට එය අලංකාරවත් කොට ඔවුන් නොමග හරින්නට විය. එනමුත් ඔවුන් නොමග හැරීමට අපි ඔහුට අවසර දුන්නේ මතුලොව පිළිබඳ සැකයෙහි පසුවන්නන් අතරින් මතුලොව හා එහි ඇති ප්රතිඵල පිළිබඳ විශ්වාස කරන්නන්ගේ කරුණ හෙළි වනු පිණිසය. අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති සියලු දෑ කෙරෙහි ආරක්ෂකය. තම ගැත්තන්ගේ ක්රියාවන් ඔහු ආරක්ෂා කරයි. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න