සූරා 34 · ජුස් 22

Saba · 34:24

۞ قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُبِينٍ

“අහස් වලින් හා මහපොළොවේ නුඹලාට පෝෂණය දෙනුයේ කවුදැයි” (නබිවරය!) ඔබ විමසනු. “අල්ලාහ්” යැයි ඔබ පවසනු. “තවද නියත වශයෙන්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත හෝ එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”

තෆ්සීර්

අහෝ දූතය! ‘අහසින් වැසි වස්වා මහපොළොවේ පළතුරු හා බවභෝග හටගන්වා නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ කවු දැ?’යි මෙම දේව ආදේශකයින්ගෙන් විමසනු. "ඉන් නුඹලාට පෝෂණ සම්පත් පිරිනමනුයේ අල්ලාහ්" යැයි පවසනු. තවද "අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි! සැබැවින්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහමග මත සිටින්නන්, එසේ නැතහොත් මාර්ගයෙන් පිටපැන පැහැදිලි මුළාවෙහි පසුවන්නන්. එහි කිසිදු සැකයක් නැත. සැබැවින්ම යහමග සිටින්නන් දේව විශ්වාසීන් බවටත් නොමග ගියවුන් දේව ආදේශකයින් බවටත් කිසිදු සැකයක් නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න