සූරා 34 · ජුස් 22
Saba · 34:3
وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِنْ ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
තවද ‘අවසන් හෝරාව අප වෙත නොපැමිණෙනු ඇතැ’යි දෙවියන් ප්රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව ගුප්ත දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරමින්, නියත වශයෙන්ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත.
තෆ්සීර්
අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්, "අවසන් හෝරාව කිසිවිටෙක පැමිණෙන්නේ නැතැ"යි පවසා සිටියහ. "අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘එසේය, අල්ලාහ් මත දිවුරා පවසමි. නුඹලා බොරු කරමින් සිටින අවසන් හෝරාව සැබැවින්ම නුඹලා වෙත පැමිණෙන්නේමය. නමුත් අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු එහි නියමිත වේලාව ගැන නොදනී. ඔහු සුවිශුද්ධය අවසන් හෝරාව සම්බන්ධයෙන් සැඟවී ඇති දෑ හා වෙනත් දෑ පිළිබඳ ඔහු සර්වඥය. අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කුහුඹුවකුට වඩා කුඩා ප්රමාණයක් වුව ද ඒ කිසිවක් සුවිශුද්ධයාණන්ගේ දැනුමට සැඟවෙන්නේ නැත. සඳහන් කරනු ලැබූ දෑට වඩා කුඩා වුව ද විශාල වුව ද පැහැදිලි ග්රන්ථයේ සටහන් කරනු ලබනු මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා සිදුවන සියලු දෑ ලියා ඇති ‘ලව්හුල් මහ්ෆූල්’ නම් ආරක්ෂිත පුවරුවයි."
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න