සූරා 34 · ජුස් 22

Saba · 34:2

يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُ

මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට එසවෙන දෑ ද ඔහු දනී. තවද ඔහු අතික්ෂමාශීලී මහාකරුණාන්විතය.

තෆ්සීර්

මහපොළොව තුළට පිවිසෙන ජලය හැ පැලෑටි පිළිබඳ ඔහු දනී. ඉන් පිටවන පැලෑටි හා වෙනත් දෑ පිළිබඳව ද ඔහු දනී. එමෙන්ම අහසින් පහළ වන වර්ෂාව මලක්වරුන් හා පෝෂණ සම්පත් පිළිබඳව ද ඔහු දනී. අහසට ආරෝහණය වන මලක්වරුන් තම ගැත්තන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ ආත්මාවන් පිළිබඳව ද ඔහු දනී. ඔහු තම විශ්වාසී ගැත්තන් හට මහා කාරුණිකය. ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපයන්ට මහත් සේ සමාව දෙන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න