සූරා 34 · ජුස් 22

Saba · 34:1

الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතුය. තවද ඔහු සියුම් ඥානී වූ අභිඥානවන්තය.

තෆ්සීර්

අහස්හි ඇති සියලු දෑ ද, මහපොළොවේ ඇති සියලු දෑ ද, මැවීමෙන්, පාලනයෙන් හා සැලසුම් කිරීමෙන් සතු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. මතුලොවෙහි සියලු ප්රශංසා, සුවිශුද්ධයාණන් වන ඔහුටම සතුය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය. තම ගැත්තන්ගේ තත්ත්වයන් පිළිබඳ තොරතුරු මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න