සූරා 33 · ජුස් 22
Al-Ahzab · 33:73
لِيُعَذِّبَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْمُشْرِكِينَ وَالْمُشْرِكَاتِ وَيَتُوبَ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
කුහකයින්ට හා කුහක කාන්තාවන් හටත් දෙවියන් ආදේශ කරන්නන් හා දෙවියන් ආදේශ කරන කාන්තාවන් හටත් අල්ලාහ් දඬුවම් කරනු පිණිසත්, දෙවියන් විශ්වාස කරන්නන් හා දෙවියන් විශ්වාස කරන කාන්තාවන්හට අල්ලාහ් සමාව දීම පිණිසත්ය. තවද අල්ලාහ් අතික්ෂමාශීලී මහා කරුණාන්විත විය.
තෆ්සීර්
අල්ලාහ්ගෙන් වූ පෙර නියමය අනුව මිනිසා එය ඉසිලීය. පුරුෂයින් අතර සිටින කුහකයින් හා කාන්තාවන් අතර සිටින කුහක කාන්තාවන්හටත් පුරුෂයින් අතර සිටින බහුදේවවාදීන් හා කාන්තාවන් අතර සිටින බහුදේවවාදී කාන්තාවන්හටත් ඔවුන්ගේ කුහකත්වය හා ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට දඬුවම් කරනු පිණිසය. එමෙන්ම වගකීමේ භාරකාරත්වය ඉසිලීම යහපත් ලෙස ක්රියාත්මක කළ දේව විශ්වාසීන් හා දේව විශ්වාසී කාන්තාවන්හට අල්ලාහ් පාපක්ෂමාව පිරිනැමීම පිණිසය. අල්ලාහ් තම ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාවේ නිරත වී යොමු වන්නන්හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න