සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:72

إِنَّا عَرَضْنَا الْأَمَانَةَ عَلَى السَّمَاوَاتِ وَالْأَرْضِ وَالْجِبَالِ فَأَبَيْنَ أَنْ يَحْمِلْنَهَا وَأَشْفَقْنَ مِنْهَا وَحَمَلَهَا الْإِنْسَانُ ۖ إِنَّهُ كَانَ ظَلُومًا جَهُولًا

නියත වශයෙන්ම අපි (දේව මෙහෙයේ) භාරකාරත්වය අහස් පොළොව හා කඳු වෙතට ඉදිරිපත් කළෙමු. නමුත් ඒවා එය ඉසිලීමට ප්‍රතික්ෂේප කළේය. තවද එයට ඒවා බිය විය. තවද මිනිසා එය ඉසිලීය. නියත වශයෙන්ම ඔහු අඥානකම් ඇති අපරාධකරුවකු විය.

තෆ්සීර්

සැබැවින්ම අපි ආගමික වගකීම්, ධනය හා රහසිගත දෑ ආරක්ෂා කරන දෑ අහස් මහපොළොව හා කඳු වෙතට ගෙන හැර පෑවෙමු. එය ඉසිලීමෙන් ඒවා වැළකිනි. එහි අවසන් ප්රතිඵල ගැන ඒවා බිය විය. මිනිසා එය ඉසිලීය. සැබැවින්ම ඔහු ඒවා ඉසිලීමේ අවසන් ප්රතිඵල පිළිබඳ නොදන්නා තමන්ටම අපරාධ කරගත් අයකු විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න