සූරා 33 · ජුස් 22

Al-Ahzab · 33:71

يُصْلِحْ لَكُمْ أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا عَظِيمًا

නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට විධිමත් කරයි. තවද නුඹලාගේ පාපකම් වලට ඔහු නුඹලාට සමාව දෙයි. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු ඉමහත් ජයග්‍රහණයකින් ජය ලැබුවේය.

තෆ්සීර්

සැබැවින්ම නුඹලා අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කොට නිවැරදි ප්රකාශ පවසා සිටියෙහු නම් නුඹලාගේ ක්රියාවන් ඔහු නුඹලාට විධිමත් කරනු ඇත. නුඹලාගෙන් ඒවා පිළිගනු ඇත. නුඹලාගේ පාපකම් නුඹලාගෙන් මකා දමනු ඇත. එවිට එමගින් ඔහු නුඹලා වැරදිකරුවන් බවට ග්රහණය නොකරනු ඇත. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අතිමහත් ජයග්රහණයක් ලැබුවේය. එනම් ඒය, අල්ලාහ්ගේ තෘප්තියට පත්වීමෙන් හා ස්වර්ගයට පිවිසීමෙන් ලබන ජයග්රහණයයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න