සූරා 34 · ජුස් 22

Saba · 34:18

وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ

ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන නිර්ණය කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල්කාලයන්හි සුරක්ෂිත ව ගමන් කරනු.

තෆ්සීර්

යෙමනයේ සබඃ වාසීන් අතරත් අප සමෘද්ධිමත් කළ සිරියාවේ ගම්මාන අතරත් එකිනෙකට බැඳුණු ගම්මාන ඇති කළෙමු. ගමකින් ගමකට කිසිදු දුෂ්කරතාවයකින් තොරව පියනගමින් සිරියාවට ළගා විය හැකි වාතාවරණයක් අපි උදා කළෙමු. අපි ඔවුනට ‘රාත්රියේ හෝ දහවලේ හෝ නුඹලා කැමති වේලාවක සතුරන් සාගින්නෙන් හා පිපාසයෙන් සුරක්ෂිත ව එහි ගමන් කරනු යැයි පැවසුවෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න