සූරා 34 · ජුස් 22

Saba · 34:33

وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَنْ نَكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَنْدَادًا ۚ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ

දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?

තෆ්සීර්

එසේ පිළිපදිනු ලැබ, ඔවුන්ගේ අනුගාමිකයින්ට නායකත්වය දුන් සත්යය පිළිගැනීමට උඬඟු වූවෝ "යහමගින් අප වැළැක්වූයේ නුඹලා රාත්රියෙහි හා දහවලහි අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ද ඔහු හැර මැවීම් වලට නැමදුම් කරන මෙන් ද නුඹලා අපට නියෝග කරමින් සිදු කළ නුඹලාගේ කුමන්ත්රණ වේ." යැයි පවසති. ඔවුන් දඬුවම දුටු විට මෙලොවෙහි ඔවුන් කවර දෙයක් ප්රතික්ෂේප කළේ ද ඒ ගැන පසුතැවිලි වෙමින් බියෙන් පසුවෙති. සැබැවින්ම ඔවුන් දඬුවම් කරනු ලබන්නන් බව වටහා ගනිති. පසුව අපි දේව ප්රතික්ෂේපකයින්ගේ ගෙලවල්වල විලංගු දමන්නෙමු. ඔවුන් අල්ලාහ් හැර දමා වෙනත් දෑ නැමදුම් කරමින් හා පාපකම් කරමින් සිදු කළ ක්රියාවන්ට එය හැර වෙනත් ප්රතිඵලයක් ඔවුනට දෙනු නොලැබේ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න