සූරා 34 · ජුස් 22
Saba · 34:37
وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ بِالَّتِي تُقَرِّبُكُمْ عِنْدَنَا زُلْفَىٰ إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ لَهُمْ جَزَاءُ الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ
නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ අප අබියසට නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. නමුත් විශ්වාස කොට යහකම් කළ අය හැර, ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්රතිඵල ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුහු (ස්වර්ග) කුටි වල සුරක්ෂිතයෝ වෙති.
තෆ්සීර්
අහංකාරයෙන් පුරසාරම් දොඩන නුඹලාගේ ධනය හෝ නුඹලාගේ දරුවන් හෝ අල්ලාහ්ගේ තෘප්තිය වෙත නුඹලා ව මෙහෙයවන්නේ නැත. නමුත් අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුහු ගුණ කරනු ලබන ප්රතිඵල හිමි කර ගනී. ධනය වනාහි, අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් කිරීමෙන් ඔහු වෙත සමීප කරවයි. දරුවන් වනාහි, ඔවුන් ඔහුට ප්රාර්ථනා කිරීමෙන් සමීප කරවයි. දෙවියන් විශ්වාස කොට යහකම් සිදු කළවුන් වන ඔවුනට ඔවුන් සිදු කළ දෑ සඳහා ගුණ කරන ලද කුසල් හිමි වන්නේය. දඬුවම, මරණය, සුවපහසුකම් අහිමි වීම, යනාදී ලෙසින් ඔවුන් බියවන සියලු ආකාරයේ දැයින් සුරක්ෂිත වූවන් ලෙස ස්වර්ගයේ ඇති උසස් නවාතැන්වල සිටිති.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න