සූරා 34 · ජුස් 22

Saba · 34:36

قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ

“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති” යැයි (නබිවරය) පවසනු.

තෆ්සීර්

තමන්ට පිරිනමන ලද සැපසම්පත් වලින් රැවටුණු මොවුනට අහෝ දූතය! නුඹ මෙසේ පවසනු. "මාගේ පරමාධිපතියාණන් සුවිශුද්ධය. උත්තරීතරය. ඔහු අභිමත කරන අයට, ඔහුට කෘතඥ වන්නේ ද එසේ නැතහොත් ගුණමකු වන්නේදැ?යි තෝරා ගනු පිණිස පෝෂණ සම්පත් විස්තීරණ ව ලබා දෙයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට ඔහු ඉවසන්නේ ද එසේ නැතහොත් කෝප වන්නේ දැයි පරීක්ෂා කරනු පිණිස ඒවා සීමා කර දෙයි. සැබැවින්ම අල්ලාහ් මහා ප්රඥාවන්තයා බව මිනිසුන් අතරින් බහුතරයක් දෙනා නොදනිති." සැබැවින්ම ගැඹුරු ප්රඥාවක් හේතුවෙන් මිස කිසිදු කරුණක් ඔහු නියම කරන්නේ නැත. එය දන්නා උදවිය ඒ ගැන දන්නෝය. එය නොදන්නා උදවිය ඒ ගැන නොදන්නෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න