සූරා 34 · ජුස් 22
Saba · 34:42
فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ
එහෙයින් අද දින නුඹලා අතුරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ සතු නොවෙයි. “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු”යැයි අපරාධ කළවුනට අපි පවසන්නෙමු.
තෆ්සීර්
අවදි කරවා විනිශ්චය කරන දිනයේ මෙලොවෙහි නැමදුමට ලක්වූවන්හට, අල්ලාහ් හැර තමන් ව නමදිමින් සිටි අය වෙනුවෙන් සෙත සලසන්නට කිසිදු හැකියාවක් ලබන්නේ නැත. ඔවුනට කිසිදු හිංසාවක් කිරීමට ද නොහැක. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත් අය හට, "නුඹලා මෙලොවෙහි කවර කරුණක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විඳිනු." යැයි පවසන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න