සූරා 34 · ජුස් 22

Saba · 34:31

وَقَالَ الَّذِينَ كَفَرُوا لَنْ نُؤْمِنَ بِهَٰذَا الْقُرْآنِ وَلَا بِالَّذِي بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ مَوْقُوفُونَ عِنْدَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ الْقَوْلَ يَقُولُ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا لَوْلَا أَنْتُمْ لَكُنَّا مُؤْمِنِينَ

“සැබැවින්ම අපි මෙම කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නොකරන්නෙමු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියහ. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවන් උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නොවී නම් අපි දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.

තෆ්සීර්

අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන්,‘සැබැවින්ම තමා වෙත පහළ කරනු ලැබූ බව මුහම්මද් තුමා පවසන අල් කුර්ආනය අපි කිසිවිටෙක විශ්වාස නොකරන්නෙමු. තවද, පෙර පහළ වූ දිව්ය ග්රන්ථ ද කිසිවිටෙක අපි විශ්වාස නොකරන්නෙමු.’ යැයි පැවසූහ. අහෝ දූතයාණෙනි! විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් රඳවා තබන ලබනු ඔබ දුටුවේ නම්. ඔවුන් අතර එකිනෙකා කතා කර ගනිමින්, ඔවුන් සෑම කෙනෙකුම අනෙකා මත වගකීම පවරමින් දොස් නගනු ඇත. දුර්වල බව සළකණු ලබන අනුගාමිකයින් තමන් මෙලොවෙහි දුර්වලතාවයට පත් කළ තමන්ගේ නායකයින් දෙස බලා "නුඹලා අප නොමග නොයැව්වෙහු නම්, සැබැවින්ම අපි අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව විශ්වාස කරන්නන් ලෙස සිටින්නට තිබුණි."යැයි පවසා සිටිති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න