සූරා 34 · ජුස් 22
Saba · 34:50
قُلْ إِنْ ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَىٰ نَفْسِي ۖ وَإِنِ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي ۚ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ
“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන්ම නොමග යනුයේ මටම එරෙහිවය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්රාවකය. ඉතා සමීපය” යැයි (නබිවරය!) පවසනු.
තෆ්සීර්
අහෝ දූතය! බොරුකාර මෙම ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘මම නුඹලාට දන්වා සිටින දෑහි සත්යයෙන් මා මුළා වී නම් මාගේ මුළාවෙහි හානිය මා වෙත සීමා වනු ඇත. ඒ කිසිවක් නුඹලාට ළඟා වන්නේ නැත. ඒ වෙත මා මග ලැබුවේ නම් මාගේ පරමාධිපතියාණන් මා වෙත දන්වා සිටින දෑට එය හේතුවක් වන්නේය. සැබවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. ඉතා සමීපය. මා පවසන දෑ සවන් දෙන්නට ඔහුට බාධාවක් නැත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න