Fatir

سورة فاطر

සූරා 35 · මක්කා · 45 පද

35:1ජුස් 22 · පි. 434

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ1

අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද හතර බැගින් ද යුත් මලක්වරුන් දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
35:2ජුස් 22 · පි. 434

مَا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِنْ رَحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِنْ بَعْدِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ2

(තම) දයාවෙන් අල්ලාහ් මිනිසාට විවෘත කරන දෑ එය වළක්වන්නෙකු නොමැත. තවද ඔහු වළක්වන දෑ ඉන්පසුව (මිනිසා වන) ඔහුට එවන්නකු ද නැත. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරිය.
35:3ජුස් 22 · පි. 434

يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ3

අහෝ! ජනයිනි, නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
35:4ජුස් 22 · පි. 435

وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ4

තවද ඔවුන් ඔබ බොරු කරන්නේ නම් එවිට සැබැවින්ම ඔබට පෙර ද දහම් දූතවරුන් බොරු කරනු ලැබීය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
35:5ජුස් 22 · පි. 435

يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا ۖ وَلَا يَغُرَّنَّكُمْ بِاللَّهِ الْغَرُورُ5

අහෝ ජනයිනි, නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. එහෙයින් මෙලොව ජීවිතය නුඹලා රවටා නොදැමිය යුතුය. තවද රවටන දෑ ද අල්ලාහ් පිළිබඳ නුඹලා නොරැවටිය යුතුය.
35:6ජුස් 22 · පි. 435

إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ6

නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරුය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.
35:7ජුස් 22 · පි. 435

الَّذِينَ كَفَرُوا لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ7

දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. තවද විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.
35:8ජුස් 22 · පි. 435

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ8

තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන් වූ අයකු මෙන් වේ)ද? එහෙයින් අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන ඔබ දුකට පත් කරගනිමින් ඔබේ ආත්මය පහකර නොයවනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදුකරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
35:9ජුස් 22 · පි. 435

وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَىٰ بَلَدٍ مَيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ النُّشُورُ9

තවද අල්ලාහ් වනාහි ඔහු සුළඟ එව්වේය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසු ව එමගින් ප්‍රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීමද එලෙසය.
35:10ජුස් 22 · පි. 435

مَنْ كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَمَكْرُ أُولَٰئِكَ هُوَ يَبُورُ10

කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද එම ගෞරවය සියල්ලම අල්ලාහ් සතුය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙතය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්‍රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණය විනාශ වී යන්නකි.
35:11ජුස් 22 · පි. 435

وَاللَّهُ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَمَا يُعَمَّرُ مِنْ مُعَمَّرٍ وَلَا يُنْقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ11

තවද අල්ලාහ් නුඹලා පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මැව්වේය. පසු ව නුඹලා ජෝඩු වශයෙන් ඇති කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.
35:12ජුස් 22 · පි. 436

وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِنْ كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ12

මුහුදු දෙක සමාන නොවෙයි. මෙය බීමට හිතකර ඉමිහිරි රසය. තවද මෙය තිත්ත ලුණු රසය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්‍ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පලඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්‍යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
35:13ජුස් 22 · පි. 436

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِيرٍ13

රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.
35:14ජුස් 22 · පි. 436

إِنْ تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءَكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ ۖ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ ۚ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ14

නුඹලා ඔවුනට ඇරයුම් කරන්නේ නම් නුඹලාගේ ඇරයුමට ඔවුන් සවන් නොදෙති. තවද ඔවුන් සවන් දුන්න ද නුඹලාට ඔවුහු පිළිතුරු නොදෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ ආදේශයන් ද ඔවුහු ප්‍රතික්ෂේප කරති. අභිඥානවන්තයා මෙන් ඔබට කිසිවකු (සත්‍යය) දන්වා නොසිටියි.
35:15ජුස් 22 · පි. 436

۞ يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ ۖ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ15

අහෝ! ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත යැපෙන්නෝය. තවද අල්ලාහ් වන ඔහුමය ප්‍රශංසාලාභී අවශ්‍යතාවන්ගෙන් තොර වන්නා.
35:16ජුස් 22 · පි. 436

إِنْ يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍ جَدِيدٍ16

ඔහු අභිමත කරන්නේ නම් නුඹලා පහකර, නව මැවීමක් ගෙන එනු ඇත.
35:17ජුස් 22 · පි. 436

وَمَا ذَٰلِكَ عَلَى اللَّهِ بِعَزِيزٍ17

තවද එය අල්ලාහ් වෙත බලවත් කටයුත්තක් නොවේ.
35:18ජුස් 22 · පි. 436

وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ وَإِنْ تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۗ إِنَّمَا تُنْذِرُ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَأَقَامُوا الصَّلَاةَ ۚ وَمَنْ تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِ ۚ وَإِلَى اللَّهِ الْمَصِيرُ18

තවද උසුලන්නෙකු තවකෙකුගේ බර නොඋසුලයි. බරක් එය ඉසිලීමට ඇරයුම් කළ ද ඔහු සමීප ඥාතියකු වුව ද ඉන් කිසිවක් උසුලනු නොලබයි. නියත වශයෙන්ම ඔබ අවවාද කරනුයේ නොපෙනී සිටිය දී තම පරමාධිපතිට බියවන්නන් හා සලාතය විධිමත් ව ඉටු කළ අයටය. තවද කවරෙකු (පාපයෙන්) පිවිතුරු කර ගන්නේ ද එසේ ඔහු පිවිතුරු කර ගනුයේ තමන්ටමය. තවද නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය.
35:19ජුස් 22 · පි. 437

وَمَا يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ19

තවද අන්ධයා හා පෙනුමැත්තා සමාන නොවෙයි.
35:20ජුස් 22 · පි. 437

وَلَا الظُّلُمَاتُ وَلَا النُّورُ20

තවද අන්ධකාරයන් හා ආලෝකය ද (සමාන) නොවේ.
35:21ජුස් 22 · පි. 437

وَلَا الظِّلُّ وَلَا الْحَرُورُ21

තවද හෙවණ හා සූර්ය තාපය (සමාන) නොවේ
35:22ජුස් 22 · පි. 437

وَمَا يَسْتَوِي الْأَحْيَاءُ وَلَا الْأَمْوَاتُ ۚ إِنَّ اللَّهَ يُسْمِعُ مَنْ يَشَاءُ ۖ وَمَا أَنْتَ بِمُسْمِعٍ مَنْ فِي الْقُبُورِ22

ජීවත් ව සිටින්නන් හා මළවුන් සමාන නොවෙයි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට සවන් වැකෙන්නට සලස්වයි. නමුත් ඔබ මිනී වල වල් තුළ සිටින්නන්ට සවන් වැකෙන්නට සලස්වන්නකු නොවේ.
35:23ජුස් 22 · පි. 437

إِنْ أَنْتَ إِلَّا نَذِيرٌ23

(නබිවරය!) ඔබ අවවාද කරන්නකු මිස නැත.
35:24ජුස් 22 · පි. 437

إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِنْ مِنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ24

නියත වශයෙන්ම අපි ඔබ සත්‍යයෙන් යුතු ව ශුභාරංචි දන්වන්නකු වශයෙන් හා අවවාද කරන්නකු වශයෙන් එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත.
35:25ජුස් 22 · පි. 437

وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ25

තවද ඔවුහු ඔබ බොරු කරන්නෝ නම් එවිට (දැනගනු) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝය. ඔවුන් වෙත දහම් දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමග ද ආලෝකමත් දේව ග්‍රන්ථය සමග ද පැමිණියහ.
35:26ජුස් 22 · පි. 437

ثُمَّ أَخَذْتُ الَّذِينَ كَفَرُوا ۖ فَكَيْفَ كَانَ نَكِيرِ26

පසු ව මම ප්‍රතික්ෂේප කළවුන් හසු කළෙමි. එවිට මාගේ දඬුවම කෙසේ වීද?
35:27ජුස් 22 · පි. 437

أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ ثَمَرَاتٍ مُخْتَلِفًا أَلْوَانُهَا ۚ وَمِنَ الْجِبَالِ جُدَدٌ بِيضٌ وَحُمْرٌ مُخْتَلِفٌ أَلْوَانُهَا وَغَرَابِيبُ سُودٌ27

නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එමගින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතුරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති කඳු මාවත් ද ඇත.
35:28ජුස් 22 · පි. 437

وَمِنَ النَّاسِ وَالدَّوَابِّ وَالْأَنْعَامِ مُخْتَلِفٌ أَلْوَانُهُ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ28

තවද ජනයා අතුරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතුරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත්තේ ද එලෙසය. නියත වශයෙන්ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් දැනුම ඇත්තන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරී අතික්ෂමාශීලීය.
35:29ජුස් 22 · පි. 437

إِنَّ الَّذِينَ يَتْلُونَ كِتَابَ اللَّهِ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً يَرْجُونَ تِجَارَةً لَنْ تَبُورَ29

නියත වශයෙන්ම අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවා සලාතය විධිමත් ව ඉටු කර, අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ වියදම් කළවුන් වන ඔවුහු කිසිවිටෙක පාඩු නොවිඳින ව්‍යාපාරයක් අපේක්ෂා කරති.
35:30ජුස් 22 · පි. 437

لِيُوَفِّيَهُمْ أُجُورَهُمْ وَيَزِيدَهُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ غَفُورٌ شَكُورٌ30

ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුනට පූර්ණ ව දෙනු පිණිසය. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට වර්ධනය කරනු පිණිසය. නියත වශයෙන්ම ඔහු අති ක්ෂමාශීලී ගුණගරුකය.
35:31ජුස් 22 · පි. 438

وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ مِنَ الْكِتَابِ هُوَ الْحَقُّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ اللَّهَ بِعِبَادِهِ لَخَبِيرٌ بَصِيرٌ31

දේව ග්‍රන්ථයෙන් අපි ඔබ වෙත දේව පණිවිඩ එවූ දෑ වන එයමය සත්‍යය. තවද එය ඉදිරියේ වූ දෑ සත්‍ය කරවන්නක් වශයෙනි. නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳ ව සර්ව නිරීක්ෂක වූ අභිඥානවන්තය.
35:32ජුස් 22 · පි. 438

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ32

පසු ව අපි අපගේ ගැත්තන් අතුරින් අප තෝරා ගත් අයට එම දේව ග්‍රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතුරින් තමන්ටම අපාරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් මධ්‍යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතුරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි තරඟ වදින්නා ද වෙයි. එයමය මහත් භාග්‍යය.
35:33ජුස් 22 · පි. 438

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ33

(එහි අද්න් නම්) සදාතනික උයන්ය. ඔවුහු එහි පිවිසෙති. රනින් වූ වළලු ද මුතු ද එහි ඔවුනට පලන්දවනු ලැබෙති. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද රෙදිය.
35:34ජුස් 22 · පි. 438

وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ34

“අපගෙන් දුක පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුහු” පැවසූහ. නියත වශයෙන්ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලීය. මහා ගුණගරුකය.
35:35ජුස් 22 · පි. 438

الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِنْ فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ35

“ඔහු වනාහි ඔහුගේ භාග්‍යයෙන් සදාතනික නිවහනෙහි අප පදිංචි කළ අය වේ. එහි අපට කිසිදු පරිශ්‍රමයක් ඇති නොවෙයි. තවද එහි අපට කිසිදු ආයාසයක් ද ඇති නොවෙයි.”
35:36ජුස් 22 · පි. 438

وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِي كُلَّ كَفُورٍ36

තවද දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් (ඉන් මිදී) මිය යන්නට ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්‍රතිඵල පිරිනමනුයේ.
35:37ජුස් 22 · පි. 438

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ ۖ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ37

තවද “අපගේ පරමාධිපතියාණනි, අප සිදු කරමින් සිටි දෑ නොවන (වෙනත්) යහපතක් අප සිදු කරන අයුරින් අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”
35:38ජුස් 22 · පි. 438

إِنَّ اللَّهَ عَالِمُ غَيْبِ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ38

නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොවේ ගුප්ත දෑ දන්නාය. නියත වශයෙන්ම ඔහු හදවත් සතු දෑ පිළිබඳ සර්වඥය.
35:39ජුස් 22 · පි. 439

هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ ۚ فَمَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِلَّا مَقْتًا ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا39

මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහුය. එහෙයින් කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහුට එරෙහිවමය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්‍රතික්ෂේපය පාඩුව මිස වැඩි නොකරනු ඇත.
35:40ජුස් 22 · පි. 439

قُلْ أَرَأَيْتُمْ شُرَكَاءَكُمُ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِنْهُ ۚ بَلْ إِنْ يَعِدُ الظَّالِمُونَ بَعْضُهُمْ بَعْضًا إِلَّا غُرُورًا40

(නබිවරය!) ඔබ මෙසේ අසනු. “අල්ලාහ් හැර නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට දේව ග්‍රන්ථයක් පිරිනමා ඔවුහු ඉන් පැහැදිලි සාධකයක් මත වෙත් දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්‍රතිඥා නොදෙති.”
35:41ජුස් 22 · පි. 439

۞ إِنَّ اللَّهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالْأَرْضَ أَنْ تَزُولَا ۚ وَلَئِنْ زَالَتَا إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِنْ بَعْدِهِ ۚ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا41

නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නොවන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන්ම ඔහු කුලුණැතිය අතික්ෂමාශීලීය.
35:42ජුස් 22 · පි. 439

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَهُمْ نَذِيرٌ لَيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى الْأُمَمِ ۖ فَلَمَّا جَاءَهُمْ نَذِيرٌ مَا زَادَهُمْ إِلَّا نُفُورًا42

සැබැවින්ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත දිවුරා සිටියෝය. නමුත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට අධික නොකළේය.
35:43ජුස් 22 · පි. 439

اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ ۚ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ۚ فَهَلْ يَنْظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ ۚ فَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا ۖ وَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا43

මහපොළොවේ අහංකාරය හා නපුරු කුමන්ත්‍රණ (මිස ඔවුනට වැඩි නොකළේය.) නපුරු කුමන්ත්‍රණය එයට ආවේණික වැසියන් මිස ග්‍රහණය නොකරයි. පරැණ්නන්ගේ පිළිවෙත මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් ඔබ නොදකින්නේමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් ඔබ නොදකින්නේමය.
35:44ජුස් 22 · පි. 439

أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً ۚ وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا44

මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැ යි ඔවුහු නොබැලුවෝද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූහ. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් ඔහු එය අතපසු කරන්නෙකු නොවීය. නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය.
35:45ජුස් 22 · පි. 440

وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا45

ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. නමුත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්‍රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ ව නිරීක්ෂා කරන්නෙකු විය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න