සූරා 35 · ජුස් 22

Fatir · 35:41

۞ إِنَّ اللَّهَ يُمْسِكُ السَّمَاوَاتِ وَالْأَرْضَ أَنْ تَزُولَا ۚ وَلَئِنْ زَالَتَا إِنْ أَمْسَكَهُمَا مِنْ أَحَدٍ مِنْ بَعْدِهِ ۚ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

නියත වශයෙන්ම අල්ලාහ් අහස් හා මහපොළොව ඒ දෙක ඉවත් නොවන අයුරින් ග්‍රහණය කර ඇත. තවද ඒ දෙක ඉවත් වූයේ නම් ඔහුගෙන් පසු ව කිසිවකු හෝ ඒ දෙක ග්‍රහණය කරන්නේ නැත. නියත වශයෙන්ම ඔහු කුලුණැතිය අතික්ෂමාශීලීය.

තෆ්සීර්

සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහස් හා මහපොළොව ඉවත් නොවන අයුරින් වළක්වා ඒ දෙක රඳවා තබයි. -උපකල්පනය අනුව- ඒ දෙක ඉවත් වූයේ නම් සුවිශුද්ධයාණන්ගෙන් පසු ව ඒ දෙක ඉවත් වීමෙන් රඳවා තබන්නට කිසිවෙකු නැත. සැබවින්ම ඔහු දඬුවම ඉක්මන් නොකරන දායලුය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඇයද සිටින්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න