සූරා 35 · ජුස් 22
Fatir · 35:40
قُلْ أَرَأَيْتُمْ شُرَكَاءَكُمُ الَّذِينَ تَدْعُونَ مِنْ دُونِ اللَّهِ أَرُونِي مَاذَا خَلَقُوا مِنَ الْأَرْضِ أَمْ لَهُمْ شِرْكٌ فِي السَّمَاوَاتِ أَمْ آتَيْنَاهُمْ كِتَابًا فَهُمْ عَلَىٰ بَيِّنَتٍ مِنْهُ ۚ بَلْ إِنْ يَعِدُ الظَّالِمُونَ بَعْضُهُمْ بَعْضًا إِلَّا غُرُورًا
(නබිවරය!) ඔබ මෙසේ අසනු. “අල්ලාහ් හැර නුඹලා ඇරයුම් කරන නුඹලාගේ හවුල්කරුවන් ගැන නුඹලා කුමක් සිතන්නෙහු ද? මහපොළොවෙන් ඔවුන් මවා ඇත්තේ කුමක්දැයි ද එසේ නැතහොත් අහසෙහි කිසිදු හවුලක් ඔවුනට තිබේ දැයි ද එසේ නැතහොත් අපි ඔවුනට දේව ග්රන්ථයක් පිරිනමා ඔවුහු ඉන් පැහැදිලි සාධකයක් මත වෙත් දැයි ද මට නුඹලා පෙන්වනු. එසේ නොව අපරාධකරුවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට රැවටීම මිස වෙනෙකක් ප්රතිඥා නොදෙති.”
තෆ්සීර්
අහෝ දූතය! එම දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. ‘අල්ලාහ් හැර දමා නුඹලා නමදිමින් සිටි නුඹලාගේ හවුල්කරුවන් මහපොළොවෙන් මවා ඇත්තේ කුමක් දැ?යි නුඹලා මට දන්වනු. ඔවුන් එහි කඳු මැව්වේ ද? එහි ගංගාවන් මැව්වේ ද එහි සතුන් මැව්වේ ද? එසේ නැතහොත් සැබැවින්ම ඔවුන් අහස් මැවීමෙහි අල්ලාහ් සමග හවුල්වූවෝ ද? එසේත් නැතහොත් ඔවුන්ගේ හවුල්කරුවන්ට ඔවුන් කරන නැමදුම නිවැරදි යැයි පෙන්වා දෙන සාධක සහිත පුස්තකයක් අපි ඔවුනට පිරිනමා ඇත්තෙමු ද? මේ කිසිවක් සිදු වන දෑ නොවීය. නමුත් අපරාධකරුවෝ ඔවුනට ප්රතිඥා දුන්නේ දේව ප්රතික්ෂේපය හා පාපකම්ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න