සූරා 35 · ජුස් 22
Fatir · 35:39
هُوَ الَّذِي جَعَلَكُمْ خَلَائِفَ فِي الْأَرْضِ ۚ فَمَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِلَّا مَقْتًا ۖ وَلَا يَزِيدُ الْكَافِرِينَ كُفْرُهُمْ إِلَّا خَسَارًا
මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා පත් කළේ ඔහුය. එහෙයින් කවරෙකු ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපය ඔහුට එරෙහිවමය. තවද දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්රතික්ෂේපය ඔවුන්ගේ පරමාධිපති අබියස උදහස මිස වෙනෙකක් වැඩි නොකරනු ඇත. තවද දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ ප්රතික්ෂේපය පාඩුව මිස වැඩි නොකරනු ඇත.
තෆ්සීර්
අහෝ ජනයිනි! නුඹලා කවර අයුරින් ක්රියා කරන්නේ දැ?යි නුඹලා ව පිරික්සීම සඳහා නුඹලාගෙන් ඇතැමෙකුගෙන් පසු ව ඇතැමෙකු ව මහපොළොවේ නියොජනය කිරීමට අපි ඉඩ සලසා දුනිමු. එහෙයින් කවරෙකු අල්ලාහ් හා දූතවරුන් ගෙන ආ දෑ ප්රතික්ෂේප කළේ ද ඔහුගේ ප්රතික්ෂේපයේ හා එහි විපාකය ඔහු වෙත ම නැවත හැරී එනු ඇත. ඔහුගේ ප්රතික්ෂේපය ඔහුගේ පරමාධිපතිට හිංසාවක් ගෙන දෙන්නේ නැත. දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ප්රතික්ෂේපය අල්ලාහ් අබියස බලවත් කෝපය මිස වෙනකක් වර්ධනය කළේ නැත. එමෙන්ම දේව ප්රතික්ෂේපකයින්හට ඔවුන්ගේ ප්රතික්ෂේපය අලාභය මිස වෙනකක් ඔවුනට වර්ධනය කළේ ද නැත. ඔවුන් විශ්වාස කර සිටියේ නම් ස්වර්ගයේ ඔවුනට අල්ලාහ් සූදානම් කර දෙන්නට තිබූ දෑ ඔවුන් විසින් ම අහිමි කරගත්තෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න