සූරා 35 · ජුස් 22

Fatir · 35:42

وَأَقْسَمُوا بِاللَّهِ جَهْدَ أَيْمَانِهِمْ لَئِنْ جَاءَهُمْ نَذِيرٌ لَيَكُونُنَّ أَهْدَىٰ مِنْ إِحْدَى الْأُمَمِ ۖ فَلَمَّا جَاءَهُمْ نَذِيرٌ مَا زَادَهُمْ إِلَّا نُفُورًا

සැබැවින්ම තමන් වෙත අවවාද කරන්නෙකු පැමිණියේ නම් වෙනත් සමූහයන්ට වඩා වඩාත් මග පෙන්වීම ලැබූ අය වනු ඇතැයි ස්ථීර දිවුරුමකින් අල්ලාහ් මත දිවුරා සිටියෝය. නමුත් ඔවුන් වෙත අවවාද කරන්නෙකු පැමිණි කල්හි පලා යෑම මිස වෙනෙකක් ඔවුනට අධික නොකළේය.

තෆ්සීර්

මෙම බොරුකාර දේව ප්රතික්ෂේපකයෝ ඔවුනට අල්ලාහ්ගේ දඬුවම ගැන අවවාද කරන දූතයකු ඔවුන් වෙත පැමිණියේ නම් කිතුනුවන්, යුදෙව්වන් හා වෙනත් ජනයාට වඩා සත්යය පිළිපදිමින් ඒ මත දැඩි සේ ස්ථාවර ව තමන් සිටින බවට බලවත් ලෙස ස්ථාවර පොරොන්දුවක් දිවුරා සිටියෝය. නමුත් අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන් වෙත පැමිණි කල්හි ඔහුගේ පැමිණීම සත්යයෙන් දුරස් කරවීම හා ව්යාජය මත බැඳී සිටීම මිස වෙනත් කිසිවක් ඔවුනට වැඩි කළේ නැත. ඔවුනට පෙර සිටියවුන්ට වඩා මනා ලෙස මග ලබන්නන් බවට කළ ස්ථීර පොරොන්දු ව ඔවුන් ඉටු කළේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න