සූරා 35 · ජුස් 22
Fatir · 35:43
اسْتِكْبَارًا فِي الْأَرْضِ وَمَكْرَ السَّيِّئِ ۚ وَلَا يَحِيقُ الْمَكْرُ السَّيِّئُ إِلَّا بِأَهْلِهِ ۚ فَهَلْ يَنْظُرُونَ إِلَّا سُنَّتَ الْأَوَّلِينَ ۚ فَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَبْدِيلًا ۖ وَلَنْ تَجِدَ لِسُنَّتِ اللَّهِ تَحْوِيلًا
මහපොළොවේ අහංකාරය හා නපුරු කුමන්ත්රණ (මිස ඔවුනට වැඩි නොකළේය.) නපුරු කුමන්ත්රණය එයට ආවේණික වැසියන් මිස ග්රහණය නොකරයි. පරැණ්නන්ගේ පිළිවෙත මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෝද? එහෙයින් අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු පෙරළීමක් ඔබ නොදකින්නේමය. එමෙන්ම අල්ලාහ්ගේ පිළිවෙතෙහි කිසිදු වෙනස් කිරීමක් ඔබ නොදකින්නේමය.
තෆ්සීර්
ඔවුන් දිවුරා සිටි දෑ සම්බන්ධයෙන් එය යහපත් චේතානවකින් හා යහපත් අරමුණිකින් නොවූවක් බවත් එය මහපොළොවේ අහංකාරකම් පෑමට හා මිනිසුන්ට වංචා කිරීම සඳහා වූවක් බව අල්ලාහ් මත දිවුරා පවසා සිටියි. නපුරු කුමන්ත්රණය එයට අදාළ කුමන්ත්රණකරුවන් මිස වෙනත් අය ග්රහණය කරන්නේ නැත. අල්ලාහ්ගේ ස්ථාවර පිළිවෙතම එම කුමන්ත්රණකාරී අහංකාරයින් බලාපොරොත්තු වන්නේ ද? එය ඔවුන්ගේ මුතුන් මිත්තන් අතරින් ඔවුන් හා සමාන වූවන් විනාශ කළාක් මෙන් ඔවුන්ව ද විනාශ කිරීමය. අහංකාරයින් විනාශ කිරීමෙහි දී අල්ලාහ්ගේ පිළිවෙතට වෙනසක් ලෙස එය ඔවුන් මත පහළ නොවීම නුඹ අපේක්ෂා කරන්නෙහිද? එමෙන්ම හැරවීමක් ලෙස ඔවුන් නොවන වෙනත් අය වෙත පහළ වීම නුඹ අපේක්ෂා කරන්නෙහි ද? සැබවින්ම එය ස්ථාවර දිව්ය පිළිවෙතයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න