සූරා 35 · ජුස් 22
Fatir · 35:44
أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَكَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً ۚ وَمَا كَانَ اللَّهُ لِيُعْجِزَهُ مِنْ شَيْءٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ إِنَّهُ كَانَ عَلِيمًا قَدِيرًا
මහපොළොවේ සැරි සරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වීදැ යි ඔවුහු නොබැලුවෝද? තවද ඔවුහු ඔවුනට වඩා ශක්තියෙන් බලවත් වූහ. තවද අහස්හි හෝ මහපොළොවේ හෝ ඇති කිසිවක් ඔහු එය අතපසු කරන්නෙකු නොවීය. නියත වශයෙන්ම ඔහු සර්වඥානී සර්ව ශක්තිය ඇත්තාය.
තෆ්සීර්
කුරෙයිවරුන් අතරින් නුඹ ව බොරුකළවුන් මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සමූහයන් අතරින් බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා නොබැලුවෝ ද? ඔවුන්ගේ අවසානය අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීමෙන් නපුරු අවසානයක් බවට පත් නොවීද? ඔවුන් කුරෙයිෂ්වරුන්ට වඩා බලවත් අය වූහ. අහස්හි හා මහපොළොවෙහි කිසිවක් අතපසු කර දැමීමට අල්ලාහ්ට නොවීය. සැබැවින්ම ඔහු එම බොරුකාරයින්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නා වේ. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. ඔහුට අතපසු වන්නේ නැත. ඔහු අභිමත කරන අවස්ථාවක ඔවුන් විනාශ කිරීමට බලය ඇත්තාය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න