සූරා 35 · ජුස් 22
Fatir · 35:45
وَلَوْ يُؤَاخِذُ اللَّهُ النَّاسَ بِمَا كَسَبُوا مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِنْ دَابَّةٍ وَلَٰكِنْ يُؤَخِّرُهُمْ إِلَىٰ أَجَلٍ مُسَمًّى ۖ فَإِذَا جَاءَ أَجَلُهُمْ فَإِنَّ اللَّهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا
ජනයා උපයා ගත් දෑ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ජීවියකු ඔහු අත්හරින්නේ නැත. නමුත් ඔහු ඔවුන් නියමිත කාලයක් දක්වා ප්රමාද කරයි. එසේ ඔවුන්ගේ අවසන් කාලය පැමිණි විට නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ ව නිරීක්ෂා කරන්නෙකු විය.
තෆ්සීර්
මිනිසුන් සිදු කළ අපරාධ හා ඔවුන් සිදු කළ පාපකම් හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමට අල්ලාහ් ඉක්මන් වන්නේ නම් ඒ මොහොතේම මහ පොළෝවාසීන් සියලු දෙනා විනාශ කරන්නට තිබිණි. සතා, සිවාපාවුන් හා ධන සම්පත් ඔවුනට සතු නොවනු ඇත. එනමුත් සුවිශුද්ධයාණන් ඔහුගේ දැනුමෙහි නියමිත කාලයක් දක්වා ඔවුන්ව ප්රමාද කරයි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගැත්තන් පිළිබඳ සර්ව නිරීක්ෂකය. ඔවුන් අතරින් කිසිවකු ඔහුට සැගවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. එය යහපතක් නම් යහපතකි. එය නපුරක් නම් නපුරකි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න