සූරා 35 · ජුස් 22
Fatir · 35:4
وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كُذِّبَتْ رُسُلٌ مِنْ قَبْلِكَ ۚ وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ
තවද ඔවුන් ඔබ බොරු කරන්නේ නම් එවිට සැබැවින්ම ඔබට පෙර ද දහම් දූතවරුන් බොරු කරනු ලැබීය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය.
තෆ්සීර්
අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. තම සමූහයා විසින් බොරු කරනු ලැබූ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. නුඹට පෙර විසූ ආද් සමූද් හා ලූත්ගේ ජනයා වැනි අයවලුන් විසින් ද නබිවරුන් බොරු කරනු ලැබූහ. සියලු කටයුතු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණය. එහෙයින් ඔහු බොරුකාරයින් විනාශ කර දමා තම දූතවරුන් හා දේව විශ්වාසීන්ට ජය ලබා දෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න