සූරා 35 · ජුස් 22
Fatir · 35:3
يَا أَيُّهَا النَّاسُ اذْكُرُوا نِعْمَتَ اللَّهِ عَلَيْكُمْ ۚ هَلْ مِنْ خَالِقٍ غَيْرُ اللَّهِ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ
අහෝ! ජනයිනි, නුඹලා වෙත වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් නුඹලා මෙනෙහි කරනු. අහසින් හා මහපොළොවෙන් නුඹලාට පෝෂණය දෙන අල්ලාහ් නොවන වෙනත් මැවුම්කරුවකු වෙත් ද? ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
තෆ්සීර්
අහෝ ජනයිනි! අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති ආශිර්වාදවලට නුඹලාගේ හදවත් හා නුඹලාගේ දිවවල් වලින් මෙනෙහි කොට නුඹලාගේ ශරීර අංගවලින් ක්රියා කොට නුඹලා ඔහු සිහිපත් කරනු. නුඹලා මත වර්ෂාව පහළ කරමින් අහසින් පෝෂණය ලබා දෙන මහපොළොවේ පලතුරු, ගොයම් හා එවැනි වෙනත් දෑ හටගන්වමින් මහපොළොවෙන් නුඹලාට පෝෂණය ලබා දෙන අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවකු නුඹලාට සිටිත් ද? ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් කිසිවෙකු නැත. මින් පසුවත් නුඹලා සත්යයෙන් හැරී ගොස් අල්ලාහ් මත බොරු ගොතා සැබවින්ම අල්ලාහ්ට හවුල්කරුවන් ඇතැයි නුඹලා විශ්වාස කරනුයේ කෙසේ ද? නුඹලා මවා නුඹලාට පෝෂණය පිරිනමන්නේ ඔහු ම ය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න