සූරා 35 · ජුස් 22
Fatir · 35:2
مَا يَفْتَحِ اللَّهُ لِلنَّاسِ مِنْ رَحْمَةٍ فَلَا مُمْسِكَ لَهَا ۖ وَمَا يُمْسِكْ فَلَا مُرْسِلَ لَهُ مِنْ بَعْدِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
(තම) දයාවෙන් අල්ලාහ් මිනිසාට විවෘත කරන දෑ එය වළක්වන්නෙකු නොමැත. තවද ඔහු වළක්වන දෑ ඉන්පසුව (මිනිසා වන) ඔහුට එවන්නකු ද නැත. තවද ඔහු මහා ප්රඥාවන්ත සර්ව බලධාරිය.
තෆ්සීර්
සියලු දෑහි යතුරු අල්ලාහ් සතුය. ඔහු ජනයාට කවර පෝෂණයක්, මග පෙන්වීමක්, ප්රීතියක් මෙන්ම අනෙකුත් ආශිර්වාදයන් විවෘත කර දුන්නේ ද එය වැළැක්වීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු කවර දෙයක් වළක්වන්නේ ද ඔහුට එය වැළැක්වීමෙන් පසු ව ඔහු වෙත එය ලබා දීමට කිසිවකු සමත් වන්නේ නැත. ඔහු වනාහි කිසිවකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ මැවීමෙහි හා සැලසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න