සූරා 35 · ජුස් 22

Fatir · 35:1

الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَثْنَىٰ وَثُلَاثَ وَرُبَاعَ ۚ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاءُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

අහස් හා මහපොළොව නිර්මාණය කළාවූ ද පියාපත් දෙක බැගින් ද තුන බැගින් ද හතර බැගින් ද යුත් මලක්වරුන් දූතයින් බවට පත් කළාවූ ද අල්ලාහ්ටම සියලු ප්‍රශංසා. ඔහු අභිමත කරන පරිදි එම මැවීම්හි වර්ධනය කරයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

තෆ්සීර්

කිසිදු පූර්වාදර්ශයකින් තොරව අහස් හා මහපොළොවේ මැවුම්කරු වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා. ඔහු ඔහුගේ බලාත්මක නියෝග ක්රියාත්මක කරන දූතවරුන් බවට මලක්වරුන් පත් කළේය. නබිවරුන්හට දිව්ය පණිවිඩ ලඟා කළ අය ද ඔවුන් අතර වෙති. කවර කරුණක් විශ්වාසයෙන් යුතු ව ඔවුනට පවරනු ලැබුවේ ද එය ඉටු කිරීම සඳහා ඔහු ඔවුනට ශක්තිය ලබා දී ඇත. ඔවුන් අතරින් පියාපත් දෙකක්, තුනක් හා හතරක් බැගින් යුත් අය ද සිටිති. ඔහු අණ කරන දෑ ක්රියාත්මක කිරීම සඳහා ඒවා මගින් ඔවුහු පියාසර කරති. මැවීමෙහි අල්ලාහ් අභිමත කරන පරිදි ශරීර අංග හැඩ අලංකාරය හා හඬ අමතර වශයෙන් පිරිනමනු ඇත. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය. කිසිවක් ඔහු පරාජය කළ නොහැක.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න