සූරා 35 · ජුස් 22
Fatir · 35:24
إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا ۚ وَإِنْ مِنْ أُمَّةٍ إِلَّا خَلَا فِيهَا نَذِيرٌ
නියත වශයෙන්ම අපි ඔබ සත්යයෙන් යුතු ව ශුභාරංචි දන්වන්නකු වශයෙන් හා අවවාද කරන්නකු වශයෙන් එව්වෙමු. කිසිදු සමූහයක් එහි අවවාද කරන්නෙකු පැමිණ ඉකුත් ව ගියා මිස නැත.
තෆ්සීර්
අහෝ දූතය! දේව විශ්වාසීන්හට අල්ලාහ් සූදානම් කර ඇති ගෞරවනීය කුසල් සම්බන්ධ ව ශුභාරංචි දන්වන්නෙකු හා දේ ප්රතික්ෂේපකයින්හට ඔහු සූදානම් කර ඇති වේදනීය දඬුවම ගැන අවවාද කරන්නෙකු ලෙස සැබවින්ම අපි නුඹව කිසිදු සැකයක් නොමැති සත්යය සමග අපි නුඹ එව්වෙමු. මීට පෙර පැවති සමූහයන් අතර ඔහුගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන අල්ලාහ්ගෙන් වූ දූතයකු නොපැමිණි කිසිදු සමූහයක් නොවීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න