සූරා 35 · ජුස් 22

Fatir · 35:25

وَإِنْ يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ جَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ وَبِالزُّبُرِ وَبِالْكِتَابِ الْمُنِيرِ

තවද ඔවුහු ඔබ බොරු කරන්නෝ නම් එවිට (දැනගනු) ඔවුනට පෙර සිටියවුන් ද (මෙසේ) බොරු කළෝය. ඔවුන් වෙත දහම් දූතවරු පැහැදිලි සාධක සමඟ ද ශුද්ධ ලියකියවිලි සමග ද ආලෝකමත් දේව ග්‍රන්ථය සමග ද පැමිණියහ.

තෆ්සීර්

අහෝ දූතය! නුඹේ ජනයා නුඹ ව බොරු කරන්නේ නම් එවිට නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සමූහය විසින් බොරු කළ පළමු දූතයා නුඹ නොවන්නෙහිය. මීට පෙර සිටි ආද්, සමූද් හා ලූත්ගේ ජනයා වැනි සමූහයන් විසින් පවා ඔවුන්ගේ දූතවරු බොරු කරනු ලැබුවෝය. තමන්ගේ සත්යයතා ව තහවුරු කරමින් අල්ලාහ් වෙතින් වූ පැහැදිලි සාධක සමග ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය. එමෙන්ම පරිශීලනය කොට සිතා බලන දනන්හට ලේඛන හා ආලෝකමත් දිව්ය පුස්තක සමග ද ඔවුන්ගේ දූතවරු ඔවුන් වෙත පැමිණියෝය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න