සූරා 35 · ජුස් 22

Fatir · 35:37

وَهُمْ يَصْطَرِخُونَ فِيهَا رَبَّنَا أَخْرِجْنَا نَعْمَلْ صَالِحًا غَيْرَ الَّذِي كُنَّا نَعْمَلُ ۚ أَوَلَمْ نُعَمِّرْكُمْ مَا يَتَذَكَّرُ فِيهِ مَنْ تَذَكَّرَ وَجَاءَكُمُ النَّذِيرُ ۖ فَذُوقُوا فَمَا لِلظَّالِمِينَ مِنْ نَصِيرٍ

තවද “අපගේ පරමාධිපතියාණනි, අප සිදු කරමින් සිටි දෑ නොවන (වෙනත්) යහපතක් අප සිදු කරන අයුරින් අප බැහැර කරනු මැනව”යි ඔවුහු එහි හඬ නගති. “උපදෙස් ලබන්නා එහි උපදෙස් ලබන පරිදි අපි නුඹලාට ආයුකාලය නොදුන්නෙමු ද? තවද නුඹලා වෙත අවවාද කරන්නා පැමිණියේය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. අපරාධකරුවන්ට කිසිදු උදව්කරුවකු නොමැත.”

තෆ්සීර්

ඔවුන් උස්හඬින් මොර දී උදව් පතමින් මෙසේ ප්රකාශ කර සිටිති. ‘අපගේ පරමාධිපතියාණනි! නිරා ගින්නෙන් අප බැහැර කරනු මැනව! ඔබේ තෘප්තිය අප ලබනු පිණිස මෙලොව අප සිදු කරමින් සිටි දෑට වෙනස් වූ දැහැමි ක්රියාවන් අපි සිදු කරන්නෙමු. නුඹේ දඬුවමින් අපි සහනය ලබන්නෙමු.’ එවිට අල්ලාහ් ඔවුනට පිළිතුරු දෙමින් ‘මෙනෙහි කිරීමට ප්රිය කරන්නන් මෙනෙහි කරමින්, පාපක්ෂමාවේ නිරත වී අල්ලාහ් වෙත යොමු වී, දැහැමි ක්රියාවන් සිදු කිරීම සඳහා ආයු කාලයක් ජීවත් වීමට අපි නුඹලාට ඉඩකඩ නොදුන්නෙමු ද? අල්ලාහ්ගේ දඬුවම ගැන නුඹලාට අවවාද කරන දූතයා නුඹලා වෙත පැමිණියේය. එහෙයින් මේ සියලු දෑට පසු ව නුඹලාට පක්ෂව සාක්ෂියක් හෝ නිදහසට කරුණක් හෝ නුඹලාට නැත. එහෙයින් නුඹලා අපා ගින්න විඳිනු. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ටම අපරාධ කරගත්තවුන්හට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මුදවා ගන්නට හෝ ඔවුන්ගෙන් එය සැහැල්ලු කරන්නට හෝ කිසිදු උදව් කරුවකු නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න