සූරා 35 · ජුස් 22
Fatir · 35:36
وَالَّذِينَ كَفَرُوا لَهُمْ نَارُ جَهَنَّمَ لَا يُقْضَىٰ عَلَيْهِمْ فَيَمُوتُوا وَلَا يُخَفَّفُ عَنْهُمْ مِنْ عَذَابِهَا ۚ كَذَٰلِكَ نَجْزِي كُلَّ كَفُورٍ
තවද දෙවියන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරයේ ගින්න ඇත. ඔවුන් (ඉන් මිදී) මිය යන්නට ඔවුන් වෙත තීන්දු කරනු නොලැබේ. තවද එහි දඬුවම ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. එලෙසය අපි සෑම ගුණමකුවෙකුටම ප්රතිඵල පිරිනමනුයේ.
තෆ්සීර්
අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුනට නිරා ගින්නේ දඬුවම ඇත. ඔවුහු එහි සදාතනිකයින් වෙති. ඔවුනට මරණය තීන්දු කොට පසු ව මරණයට පත් ව දඬුවමින් විවේකය නොලබති. නිරා ගින්නේ දඬුවමින් කිසිවක් ඔවුනට සැහැල්ලු කරනු නොලැබේ. මෙම ප්රතිඵල මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ ආශිර්වාදයන් ප්රතික්ෂේප කළ සෑම කෙනෙකුටම ප්රතිවිපාක පිරිනමන්නෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න