සූරා 35 · ජුස් 22

Fatir · 35:8

أَفَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ فَرَآهُ حَسَنًا ۖ فَإِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۖ فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ

තම ක්‍රියාවන්හි නපුර තමන්ට අලංකාර කරනු ලැබ එය ඔහු යහපතක් ලෙස දකින්නා (අල්ලාහ් මග පෙන් වූ අයකු මෙන් වේ)ද? එහෙයින් අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග හරියි. තවද ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. එහෙයින් ඔවුන් ගැන ඔබ දුකට පත් කරගනිමින් ඔබේ ආත්මය පහකර නොයවනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් සිදුකරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

තෆ්සීර්

සැබැවින්ම තම නපුරු ක්රියාව ෂෙයිතාන් විසින් අලංකාරවත් කොට එය අලංකාරයක් බව විශ්වාස කරන්නා, අල්ලාහ් කෙනෙකුට සත්යය අලංකාරවත් කොට එය සත්යය බව විශ්වාස කරන්නා මෙන් නොවනු ඇත. සැබැවින්ම අල්ලාහ් අභිමත කරන අය නොමග යන්නට ඉඩ හරියි. එමෙන්ම ඔහු අභිමත කරන අය යහමග යොමු කරයි. ඔහුට බලපෑම් කිරීමට කිසිවෙකු නැත. එහෙයින් අහෝ දූතය! නොමග ගියවුන්ගේ නොමග යෑම ගැන නුඹව දුකට පත් කර නොගනු. සැබැවින්ම සුවිශුද්ධයාණන් වන අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න