සූරා 35 · ජුස් 22
Fatir · 35:9
وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَىٰ بَلَدٍ مَيِّتٍ فَأَحْيَيْنَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ كَذَٰلِكَ النُّشُورُ
තවද අල්ලාහ් වනාහි ඔහු සුළඟ එව්වේය. එවිට එය වලාකුළු නංවයි. එවිට අපි එයින් (වියළී ගිය) මළ භූමියකට ජලය සපයන්නෙමු. එවිට මහපොළොව එය මිය ගිය පසු ව එමගින් ප්රාණවත් කළෙමු. (මරණයෙන් පසු) නැවත නැගිටුවනු ලැබීමද එලෙසය.
තෆ්සීර්
සුළං එවනුයේ අල්ලාහ්ය. එම සුළඟ වලාකුළු ගෙන යයි. එම වලාකුළු මගින් පැළෑටී නැති දේශයකට අපි වැසි වස්සවා එම ජලයෙන් භූමිය වියළී ගිය පසු ව එහි පැළෑටි හටගන්වා අපි එය ජීවමාන කරමු. භූමිය මිය ගිය පසු එහි පැළෑටි තැන්පත් කරමින් අපි එය ජීවමාන කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මිය ගියවුන් යළි අවදි කිරීම සිදු වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න