සූරා 35 · ජුස් 22

Fatir · 35:10

مَنْ كَانَ يُرِيدُ الْعِزَّةَ فَلِلَّهِ الْعِزَّةُ جَمِيعًا ۚ إِلَيْهِ يَصْعَدُ الْكَلِمُ الطَّيِّبُ وَالْعَمَلُ الصَّالِحُ يَرْفَعُهُ ۚ وَالَّذِينَ يَمْكُرُونَ السَّيِّئَاتِ لَهُمْ عَذَابٌ شَدِيدٌ ۖ وَمَكْرُ أُولَٰئِكَ هُوَ يَبُورُ

කවරෙකු ගෞරවය අපේක්ෂා කරමින් සිටියේ ද එම ගෞරවය සියල්ලම අල්ලාහ් සතුය. පිවිතුරු වදන ආරෝහණය වනුයේ ඔහු වෙතය. තවද දැහැමි ක්‍රියාව ද ඔහු එය ඔසවා ගනී. තවද නපුරුකම් කුමන්ත්‍රණය කරන්නන් වන ඔවුනට දැඩි දඬුවමක් ඇත. ඔවුන්ගේ කුමන්ත්‍රණය විනාශ වී යන්නකි.

තෆ්සීර්

කවරෙකු මෙලොව හෝ මතු ලොව ගෞරවය අපේක්ෂා කරන්නේ ද ඔහු අල්ලාහ්ගෙන් මිස වෙනත් කිසිවකුගෙන් පැතිය නොයුතුය. ඒ දෙකෙහිම ගෞරවය ඇත්තේ අල්ලාහ් සතු ව පමණි. දැහැමි මෙනෙහි කිරීම් ඔහු වෙත ආරෝහණය වෙයි. දැහැමි ගැත්තන්ගේ ක්රියාවන් ඔහු වෙත ඉහළට නැංවෙයි. දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාව ඝාතනය කිරීමට උත්සාහ දැරීම වැනි නපුරු කුමන්ත්රණ සැලසුම් කරන්නන් වනාහි ඔවුනට දැඩි දඬුවමක් ඇත. එම දේව ප්රතික්ෂේපකයින්ගේ කුමන්ත්රණ නිෂ්ඵල වී යනු ඇත. එය විනාශ වී යනු ඇත. ඔවුනට අපේක්ෂාවන් තහවුරු නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න