සූරා 35 · ජුස් 22

Fatir · 35:11

وَاللَّهُ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ جَعَلَكُمْ أَزْوَاجًا ۚ وَمَا تَحْمِلُ مِنْ أُنْثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلْمِهِ ۚ وَمَا يُعَمَّرُ مِنْ مُعَمَّرٍ وَلَا يُنْقَصُ مِنْ عُمُرِهِ إِلَّا فِي كِتَابٍ ۚ إِنَّ ذَٰلِكَ عَلَى اللَّهِ يَسِيرٌ

තවද අල්ලාහ් නුඹලා පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මැව්වේය. පසු ව නුඹලා ජෝඩු වශයෙන් ඇති කළේය. ඔහුගේ දැනුමෙන් තොරව කාන්තාවක් පිළිසිඳ නොගනී. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. ලේඛනයේ සටහන් ව මිස ආයුෂ දෙනු ලබන කිසිවකුට ආයුෂ දෙනු නොලැබෙයි. එමෙන්ම ඔහුගේ ආයු කාලයෙන් අඩු කරනු නොලැබෙයි. සැබැවින්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි.

තෆ්සීර්

නුඹලාගේ පියාණන් ආදම් ව පසින් මැව්වේ අල්ලාහ්මය. පසු ව නුඹලාව ශුක්රාණුවෙන් මැව්වේය. පසු ව නුඹලා අතර එකිනෙකා විවාහ වන පුරුෂයින් හා කාන්තාවන් වශයෙන් ඔහු නුඹලාව පත් කළේය. කාන්තාවක් කලලයක් උසුලා සිටීම හෝ ඇය ඇයගේ දරුවා ප්රසූත කිරීම හෝ ශුද්ධවන්තයාණන් වූ අල්ලාහ්ගේ දැනුමෙන් මිස සිදුවන්නේ නැත. ඒ කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. කිසිවකුගේ ආයුකාලය ලව්හුල් මහ්ෆූල් හි සඳහන් කරනු ලැබූ අයුරින් මිස එය වැඩි වන්නේ හෝ අඩු වන්නේ හෝ නැත. සැබැවින්ම මේවා සඳහන් කිරීම - එනම් නුඹලා ව පසින් මැවීම, විවිධ අදියරයන්ගෙන් මැවීම, ලව්හුල් මහ්ෆූල් හි නුඹලාගේ ආයුකාලය සටහන් කර තිබීම යනාදිය- අල්ලාහ්ට පහසු කාර්යයකි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න