සූරා 35 · ජුස් 22
Fatir · 35:12
وَمَا يَسْتَوِي الْبَحْرَانِ هَٰذَا عَذْبٌ فُرَاتٌ سَائِغٌ شَرَابُهُ وَهَٰذَا مِلْحٌ أُجَاجٌ ۖ وَمِنْ كُلٍّ تَأْكُلُونَ لَحْمًا طَرِيًّا وَتَسْتَخْرِجُونَ حِلْيَةً تَلْبَسُونَهَا ۖ وَتَرَى الْفُلْكَ فِيهِ مَوَاخِرَ لِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ
මුහුදු දෙක සමාන නොවෙයි. මෙය බීමට හිතකර ඉමිහිරි රසය. තවද මෙය තිත්ත ලුණු රසය. මේ සෑම දෙයකින්ම නුඹලා මත්ස්ය මස් අනුභව කරන්නෙහුය. තවද නුඹලා පලඳින ආභරණ ගොඩ ගන්නෙහුය. තවද නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස ඔහුගේ භාග්යයෙන් නුඹලා (ඉසුරු) සොයනු පිණිස (මුහුද) දෙබෑ කරමින් එහි ගමන් කරන නැව් ඔබ දකින්නෙහිය.
තෆ්සීර්
මුහුදු දෙක එක සමාන නොවන්නේය. ඒ දෙකින් එකක් ඉතා මිහිරිය. එහි ඉමිහිරිභාවය නිසා එය පානය කිරීමට පහසුය. දෙවැන්න ලුණු සහිතය. තිත්තය. එහි ඇති දැඩි ලුණු ද්රාවණය නිසා බීමට නොහැකිය. සඳහන් කරනු ලැබූ සාගර දෙකින් සෑම සාගරයකම නුඹලා නැවුම් මත්සයින් ආහාරයට ගන්නෙහුය. ඒ දෙකින් නුඹලා අලංකාරයට පළඳින මුතු මැණික් මතු කර ගන්නෙහුය. අහෝ අධීක්ෂණය කර බලන්නනි! ව්යාපාරික කටයුතු තුළින් නුඹලා අල්ලාහ්ගේ භාග්යය සෙවීම සඳහා සාගරය දෙබෑ කොට ඉදිරියටත් පසු පසටත් යාත්රා කරන නැව් නුඹලා දකිනු ඇත. එය, අල්ලාහ් නුඹලා වෙත පිරිනමා ඇති අසීමිත ආශිර්වාදයන් සඳහා නුඹලා ඔහුට කෘතඥ විය හැකිවනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න