සූරා 35 · ජුස් 22

Fatir · 35:13

يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ ذَٰلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ ۚ وَالَّذِينَ تَدْعُونَ مِنْ دُونِهِ مَا يَمْلِكُونَ مِنْ قِطْمِيرٍ

රාත්‍රිය දහවල තුළට ඔහු ඇතුළත් කරයි. තවද දහවල රාත්‍රිය තුළට ඔහු ඇතුළත් කරයි. තවද හිරු හා සඳු ඔහු වසඟ කළේය. සියල්ල නියම කරන ලද කාලයක් දක්වා ගමන් කරයි. එයයි නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්. සියලු බලය ඔහු සතුය. ඔහු හැර නුඹලා ඇරයුම් කරන අය ඉඳි ඇටයක සිවියක් තරම් හෝ යමක් සතුකර නොගනිති.

තෆ්සීර්

අල්ලාහ් රාත්රිය දහවල තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. එමෙන්ම දහවල රාත්රිය තුළට ප්රවේශ කොට (විටෙක) එය දිගු කරයි. සුවිශුද්ධයාණන් හිරු වසඟ කළේය. සඳු ද වසඟ කළේය. ඒ දෙකින් සෑම එකක්ම නියමිත ප්රතිඥත දිනයක් වෙනුවෙන් ගමන් කරමින් සිටී. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. ඒ සියල්ල සැලසුම් කරන්නේ ද ගමන් කරවන්නේ ද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ය. සියලු බලය ඔහුට පමණක් සතුය. ඔහු හැර නුඹලා නමදින භෞතික වස්තූන්වලට රට ඉඳි කීතුවක තිතක තරම් ප්රමාණයක්වත් අයිති නැත. එසේ නම් නුඹලා මා හැර දමා ඔවුන් නමදිනුයේ කෙසේ ද?

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න