සූරා 35 · ජුස් 22

Fatir · 35:28

وَمِنَ النَّاسِ وَالدَّوَابِّ وَالْأَنْعَامِ مُخْتَلِفٌ أَلْوَانُهُ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ غَفُورٌ

තවද ජනයා අතුරින් ද සතුන් හා ගොවිපළ සතුන් අතුරින් ද එහි වර්ණ විවිධත්වයෙන් යුත්තේ ද එලෙසය. නියත වශයෙන්ම අල්ලාහ්ට බියවනුයේ ඔහුගේ ගැත්තන් අතුරින් දැනුම ඇත්තන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරී අතික්ෂමාශීලීය.

තෆ්සීර්

ජනයා අතරින් ද සතුන් අතරින් ද ඔටු, ගව හා එළු වැනි ගොවිපළ සතුන් අතරින් ද සඳහන් කරනු ලැබුවාක් මෙන්ම විවිධ වර්ණ වලින් යුක්ත වෙති. සැබැවින්ම අල්ලාහ්ගේ ස්ථානයට ගරුබුහුමන් කොට, ඔහුට බියවනුයේ ඔහු පිළිබඳ හඳුනාගත් දැනුමැත්තෝ වෙති. සැබැවින්ම එය ඔවුන් ඔහුගේ ගුණාංග, ඔහුගේ පිළිවෙත, ඔහුගේ බලයේ සාධක පිළිබඳ දන්නා බැවිණි. සැබවින්ම අල්ලාහ් වනාහි කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සර්ව බලධාරියාණන්ය. ඔහුගේ ගැත්තන් අතරින් ඔහු වෙත පාපක්ෂමාව ඉල්ලා යොමු වන්නන්ගේ පාපකම්වලට සමාව දෙන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න