සූරා 35 · ජුස් 22
Fatir · 35:27
أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَخْرَجْنَا بِهِ ثَمَرَاتٍ مُخْتَلِفًا أَلْوَانُهَا ۚ وَمِنَ الْجِبَالِ جُدَدٌ بِيضٌ وَحُمْرٌ مُخْتَلِفٌ أَلْوَانُهَا وَغَرَابِيبُ سُودٌ
නියත වශයෙන්ම අල්ලාහ් අහසින් ජලය පහළ කොට එමගින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් බවභෝග අපි හටගැන්වූයෙමු. තවද කඳු අතුරින් එහි වර්ණ විවිධත්වයෙන් යුත් සුදු හා රතු කඳු මාර්ග ද කළු පැහැති කඳු මාවත් ද ඇත.
තෆ්සීර්
සැබැවින්ම සුවිශුද්ධයාණන් වූ අල්ලාහ් අහසින් වැසි ජලය පහළ කරනු නුඹ නොදුටුවෙහි ද? එම ජලය මගින් එහි ඇති ගස්වලට ජලය සම්පාදනය කිරීමෙන් පසු ව රතු, කොළථ කහ හා වෙනත් විවිධ වර්ණයෙන් යුත් පලතුරු අප හට ගැන්වූයෙමු. එමෙන්ම කඳු අතරින් ද සුදු මාර්ග, රතු මාර්ග, අඳුරු කළු මාර්ග වැනි වර්ණවත් මාර්ග ද හට ගැන්වූයෙමු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න