සූරා 35 · ජුස් 22

Fatir · 35:34

وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ ۖ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ

“අපගෙන් දුක පහ කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුහු” පැවසූහ. නියත වශයෙන්ම අපගේ පරමාධිපති අතික්ෂමාශීලීය. මහා ගුණගරුකය.

තෆ්සීර්

ඔවුන් ස්වර්ග උයනට පිවිසීමෙන් පසු ව "නිරයට පිවිසීම ගැන බිය වෙමින් සිටි නිසා අපෙන් දුක ඉවත් කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා හිමි වේවා!, සැබැවින්ම අපගේ පරමාධිපති තම ගැත්තන් අතරින් පාපක්ෂමාවෙහි නිරත වන්නන්ගේ පාපකම් සඳහා අතිශයින් සමාව දෙන්නාය. ඔවුන්ගේ අවනතභාවය වෙනුවෙන් ඔවුනට මහත්සේ කෘතඥ වන්නාය" යනුවෙන් පවසති.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න