සූරා 35 · ජුස් 22
Fatir · 35:32
ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا ۖ فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ۚ ذَٰلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ
පසු ව අපි අපගේ ගැත්තන් අතුරින් අප තෝරා ගත් අයට එම දේව ග්රන්ථය උරුම කළෙමු. එවිට ඔවුන් අතුරින් තමන්ටම අපාරාධ කරගත් අය ද වෙති. තවද ඔවුන් අතුරින් මධ්යස්ථව කටයුතු කරන අය ද වෙති. තවද ඔවුන් අතුරින් අල්ලාහ්ගේ අනුහසින් යහකම් කිරීමෙහි තරඟ වදින්නා ද වෙයි. එයමය මහත් භාග්යය.
තෆ්සීර්
පසු ව සෙසු සමූහයන්ට වඩා අපි තෝරා ගත් මුහම්මද්ගේ සමූහයාට අල් කුර්ආනය පිරිනැමුවෙමු. ඔවුන් අතරින් තහනම් කරන ලද දෑ සිදු කොට හා අනිවාර්යය කරන ලද දෑ අතහැර දමා තමන්ටම අපරාධ කරගත් අය වෙති. එමෙන්ම ඇතැම් සතුටුදායක දෑ අතහැර දමා ඇතැම් පිළිකුල් සහගත දෑ සිදු කරනවාත් සමගම අනිවාර්යය කරන ලද දෑ සිදු කොට තහනම් කරන ලද දෑ අතහැර දමන අය ද සිටිති. තවද ඔවුන් අතරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහපත් දෑ සඳහා පෙරටුගාමී වන්නන් ද සිටිති. එනම් අනිවාර්ය කරන ලද දෑ හා සතුටුදායක දෑ ඉටු කරමින් තහනම් කරන ලද දෑ හා පිළිකුල් සහගත දෑ අතහැර දමා ක්රියා කිරීම තුළිනි. සඳහන් කරනු ලැබූ දෑ වනාහි (මෙම සමූහයා වෙනුවෙන් පිරිනමා ඇති නිදහස හා ඔවුනට පිරිනමා ඇති අල් කුර්ආනය) කිසිදු මහිමයකට ළඟා විය නොහැකි අතිමහත් භාග්යයක් වෙයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න