සූරා 35 · ජුස් 22
Fatir · 35:6
إِنَّ الشَّيْطَانَ لَكُمْ عَدُوٌّ فَاتَّخِذُوهُ عَدُوًّا ۚ إِنَّمَا يَدْعُو حِزْبَهُ لِيَكُونُوا مِنْ أَصْحَابِ السَّعِيرِ
නියත වශයෙන්ම ෂෙයිතාන් නුඹලාට සතුරුය. එහෙයින් නුඹලා ඔහු සතුරකු ලෙසින්ම ගනු. නියත වශයෙන්ම ඔහු ඔහුගේ කණ්ඩායම ඇරයුම් කරනුයේ ඔවුන් ඇවිළෙන ගින්නේ සගයින් අතරට පත් වීමටය.
තෆ්සීර්
අහෝ ජනයිනි! සැබැවින්ම ෂෙයිතාන් නුඹලාට සදා සතුරුකම් පාන ප්රකට සතුරාය. එහෙයින් ඔහු සමග සටන් කිරීම අනිවාර්යය කර ගනිමින් නුඹලා ඔහු සතුරෙකු ලෙස සලකනු. සැබැවින්ම ෂෙයිතාන් තම අනුගාමිකයින්හට ඇරයුම් කර සිටිනුයේ අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමටය. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇවිළෙන ගින්නට ප්රවේශ කිරීමෙන් ඔවුන් දඬුවමට ලක් වනු පිණිසය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න