Al-Mu'minun

سورة المؤمنون

සූරා 23 · මක්කා · 118 පද

23:1 · The believers have succeededජුස් 18 · පි. 342

قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ1

දෙවිඳුන් පිළිබඳ විශ්වාසය ඇත්තෝ සැබැවින්ම ජය ලැබුවෝය.
23:2ජුස් 18 · පි. 342

الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ2

ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.
23:3ජුස් 18 · පි. 342

وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ3

තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.
23:4ජුස් 18 · පි. 342

وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ4

තවද ඔවුහු වනාහි සකාත් ඉටු කරන්නෝ වෙති.
23:5ජුස් 18 · පි. 342

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ5

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.
23:6ජුස් 18 · පි. 342

إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ6

නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමග) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුහු දොස් නගනු ලබන්නන් නොවෙති.
23:7ජුස් 18 · පි. 342

فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ7

එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.
23:8ජුස් 18 · පි. 342

وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ8

තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) මෙහෙයවන්නෝ වෙති.
23:9ජුස් 18 · පි. 342

وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ9

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් කෙරෙහි සුරක්ෂාවෙන් සිටින්නෝ වෙති.
23:10ජුස් 18 · පි. 342

أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ10

ඔවුහුමය උරුමක්කරුවෝ
23:11ජුස් 18 · පි. 342

الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ11

ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ ඔවුන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.
23:12ජුස් 18 · පි. 342

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ12

සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.
23:13ජුස් 18 · පි. 342

ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ13

පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.
23:14ජුස් 18 · පි. 342

ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ14

පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය.
23:15ජුස් 18 · පි. 342

ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ15

ඉන් අනතුරු ව නියත වශයෙන්ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.
23:16ජුස් 18 · පි. 342

ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ16

පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නැගිටු වනු ලබති.
23:17ජුස් 18 · පි. 342

وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ17

තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳ ව අපි අනවධානීන් නොවූයෙමු.
23:18ජුස් 18 · පි. 343

وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ18

තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන්ම නියත වශයෙන්ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.
23:19ජුස් 18 · පි. 343

فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ19

පසු ව අපි එමගින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරුද ඇත. එමගින් නුඹලා අනුභව කරන්නෙහුය.
23:20ජුස් 18 · පි. 343

وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ20

තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල් හා අනුභව කරන්නන්හට රුචිය ද හට ගන්වයි.
23:21ජුස් 18 · පි. 343

وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ21

තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.
23:22ජුස් 18 · පි. 343

وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ22

තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහුය.
23:23ජුස් 18 · පි. 343

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ23

තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ ! මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ ද?
23:24ජුස් 18 · පි. 343

فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ24

ඔහුගේ ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් අතර වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ ව අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.
23:25ජුස් 18 · පි. 343

إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ25

ඔහු උමතු ව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.
23:26ජුස් 18 · පි. 343

قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ26

මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව ! යැයි ඔහු පැවසුවේය.
23:27ජුස් 18 · පි. 343

فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ27

අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින්ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි ප්‍රකාශය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නන් වෙති.
23:28ජුස් 18 · පි. 344

فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ28

නුඹ හා නුඹ සමග වූවන් නැව මත ස්ථාපිත වූ විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.
23:29ජුස් 18 · පි. 344

وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ29

තවද මාගේ පරමාධිපතියාණනි, සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව ! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු.
23:30ජුස් 18 · පි. 344

إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ30

නියත වශයෙන්ම එහි සංඥා ඇත. තවද සැබැවින්ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.
23:31ජුස් 18 · පි. 344

ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ31

අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.
23:32ජුස් 18 · පි. 344

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ32

‘නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ’යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.
23:33ජුස් 18 · පි. 344

وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ33

ඔහුගේ ජනයා අතුරින් මෙලොව ජීවිතයෙහි අපි ඔවුනට දායාද කළ, පරමාන්ත දිනයේ හමු ව බොරු කළ දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි’ යැයි පැවසුවෝය.
23:34ජුස් 18 · පි. 344

وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ34

නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් නියත වශයෙන්ම නුඹලා එවිට අලාභවන්තයෝ වන්නෙහුය.
23:35ජුස් 18 · පි. 344

أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ35

නියත වශයෙන්ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන්ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට අවවාද කරන්නේද ?
23:36ජුස් 18 · පි. 344

۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ36

නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ ඉතා දුරස්ය. ඉතා දුරස්ය.
23:37ජුස් 18 · පි. 344

إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ37

මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නොවේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.
23:38ජුස් 18 · පි. 344

إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ38

ඔහු අල්ලාහ් කෙරෙහි බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහු ව විශ්වාස කරන්නන් නොවෙමු.
23:39ජුස් 18 · පි. 344

قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ39

මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව !
23:40ජුස් 18 · පි. 344

قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ40

මද කලකින් සැබැවින්ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේය.
23:41ජුස් 18 · පි. 344

فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ41

එවිට මහා හඬ නියම අයුරින් ඔවුන් ව හසු කර ගත්තේය. පසු ව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. අපරාධකාරී ජනයාට ශාපයක්ම වේවා !
23:42ජුස් 18 · පි. 344

ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قُرُونًا آخَرِينَ42

අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.
23:43ජුස් 18 · පි. 345

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ43

කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නොයයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.
23:44ජුස් 18 · පි. 345

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِقَوْمٍ لَا يُؤْمِنُونَ44

පසු ව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි රසූල්වරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකු විසින් ඇතැමෙකුට (දඬුවම) අනුගමනය කෙරෙව්වෙමු. තවද අපි ඔවුන් පුරාණ කතා බවට පත් කළෙමු. එහෙයින් විශ්වාස නොකරන ජනයාට ශාපයක්ම වේවා!
23:45ජුස් 18 · පි. 345

ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ45

පසු ව අපි අපගේ සංඥා හා පැහැදිලි අණ බලය සමග මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.
23:46ජුස් 18 · පි. 345

إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ46

ෆිර්අවුන් වෙත හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.
23:47ජුස් 18 · පි. 345

فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ47

ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නන් ලෙස සිටිය දී අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කරන්නෙමු ද? යැයි ඔවුහු පැවසුවෝය.
23:48ජුස් 18 · පි. 345

فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ48

එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතුරින් වූහ.
23:49ජුස් 18 · පි. 345

وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ49

තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.
23:50ජුස් 18 · පි. 345

وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ50

තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. උල්පත් හා තැනිතලා සහිත උස් තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.
23:51ජුස් 18 · පි. 345

يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ51

අහෝ ! දූතවරුනි, පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන්ම මා නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.
23:52ජුස් 18 · පි. 345

وَإِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ52

නුඹලාගේ මෙම සමාජය එකම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.
23:53ජුස් 18 · පි. 345

فَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ53

නමුත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන් ව බෙදා වෙන් කර ගත්තෝය. සෑම පක්ෂයක්ම ඔවුන් සතු දෑ පිළිබඳ ව සතුටු වන්නෝ වූහ.
23:54ජුස් 18 · පි. 345

فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ54

එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.
23:55ජුස් 18 · පි. 345

أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُمْ بِهِ مِنْ مَالٍ وَبَنِينَ55

අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමගින්...
23:56ජුස් 18 · පි. 345

نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَلْ لَا يَشْعُرُونَ56

අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝද? නැත. ඔවුහු (ඒ බව) නොහඟති.
23:57ජුස් 18 · පි. 345

إِنَّ الَّذِينَ هُمْ مِنْ خَشْيَةِ رَبِّهِمْ مُشْفِقُونَ57

නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගන්නෝ වෙති.
23:58ජුස් 18 · පි. 345

وَالَّذِينَ هُمْ بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ58

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ ව විශ්වාස කරන්නෝ වෙති.
23:59ජුස් 18 · පි. 345

وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ59

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ තබන්නන් නොවෙති.
23:60ජුස් 18 · පි. 346

وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَاجِعُونَ60

නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ ඔවුහු පිරිනමති.
23:61ජුස් 18 · පි. 346

أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ61

යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහුමය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.
23:62ජුස් 18 · පි. 346

وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنْطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ62

කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නොපටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.
23:63ජුස් 18 · පි. 346

بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِنْ هَٰذَا وَلَهُمْ أَعْمَالٌ مِنْ دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَامِلُونَ63

නමුත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳ ව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.
23:64ජුස් 18 · පි. 346

حَتَّىٰ إِذَا أَخَذْنَا مُتْرَفِيهِمْ بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ64

අපි ඔවුන් අතර වූ උඩඟු වූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.
23:65ජුස් 18 · පි. 346

لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُمْ مِنَّا لَا تُنْصَرُونَ65

අද දින නුඹලා බැගෑපත් නොවනු. නියත වශයෙන්ම නුඹලා අපගෙන් උදව් නොලබනු ඇත.
23:66ජුස් 18 · පි. 346

قَدْ كَانَتْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ تَنْكِصُونَ66

නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. නුඹලා (එයින්) වැළකී නුඹලාගේ විළුඹු කරා නුඹලා හැරී පලා යමින් සිටියෙහුය.
23:67ජුස් 18 · පි. 346

مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ67

එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතා වල නිරතවෙමින් (සිටියෙහුය.)
23:68ජුස් 18 · පි. 346

أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءَهُمْ مَا لَمْ يَأْتِ آبَاءَهُمُ الْأَوَّلِينَ68

එහෙයින් ඔවුහු එම ප්‍රකාශය පරිශීලනය නොකළෙහු ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?
23:69ජුස් 18 · පි. 346

أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنْكِرُونَ69

එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, එහෙයින් ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?
23:70ජුස් 18 · පි. 346

أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ ۚ بَلْ جَاءَهُمْ بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ70

එසේ නැතහොත් ඔහුට උමතු ව වැලඳ ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔහු ඔවුන් වෙත සත්‍යය සමග පැමිණියේය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ.
23:71ජුස් 18 · පි. 346

وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُعْرِضُونَ71

සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද විනාශ වී යනු ඇත. එසේ නොව, ඔවුනට මෙනෙහි කිරීමක් අපි පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.
23:72ජුස් 18 · පි. 346

أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ72

එසේ නැතහොත්, නුඹලා ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨය. තවද ඔහු පෝෂකයින් අතුරින්ද ශ්‍රේෂ්ඨයාය.
23:73ජුස් 18 · පි. 346

وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ73

තවද නියත වශයෙන්ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය.
23:74ජුස් 18 · පි. 346

وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ74

තවද නියත වශයෙන්ම මතු ලොව විශ්වාස නොකරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.
23:75ජුස් 18 · පි. 347

۞ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ75

තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට වැලඳුණු පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.
23:76ජුස් 18 · පි. 347

وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ76

තවද සැබැවින්ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොවූහ. තවද ඔවුහු බැගෑපත් නොවූහ.
23:77ජුස් 18 · පි. 347

حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ77

අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.
23:78ජුස් 18 · පි. 347

وَهُوَ الَّذِي أَنْشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ78

නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටීන් ද හදවත් ද ඇති කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.
23:79ජුස් 18 · පි. 347

وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ79

මහපොළොවේ නුඹලා ව මැව්වේ ඔහුමය. තවද ඔහු වෙතම නුඹලා රැස් කරනු ලබනු ඇත.
23:80ජුස් 18 · පි. 347

وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ80

ජීවය දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතුය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?
23:81ජුස් 18 · පි. 347

بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ81

එසේ නොව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝය.
23:82ජුස් 18 · පි. 347

قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ82

අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැයි ඔවුහු විමසූහ.
23:83ජුස් 18 · පි. 347

لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ83

මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැත.
23:84ජුස් 18 · පි. 347

قُلْ لِمَنِ الْأَرْضُ وَمَنْ فِيهَا إِنْ كُنْتُمْ تَعْلَمُونَ84

නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතුදැ?යි නුඹ විමසනු.
23:85ජුස් 18 · පි. 347

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ85

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නොවේදැයි විමසනු.
23:86ජුස් 18 · පි. 347

قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ86

අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන්දැයි නුඹ විමසනු.
23:87ජුස් 18 · පි. 347

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ87

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ?යි නුඹ විමසනු.
23:88ජුස් 18 · පි. 347

قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ88

සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන්දැයි නුඹ විමසනු. තවද ඔහු තීන්දු කරයි. නමුත් ඔහු වෙත තීන්දු කරනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම් !
23:89ජුස් 18 · පි. 347

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ89

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා (නොමග වෙත) වශී කරනු ලබනුයේ කෙසේදැයි නුඹ විමසනු.
23:90ජුස් 18 · පි. 348

بَلْ أَتَيْنَاهُمْ بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ90

එසේ නොව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.
23:91ජුස් 18 · පි. 348

مَا اتَّخَذَ اللَّهُ مِنْ وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ91

අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ වූ විට සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග පහ ව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරුය.
23:92ජුස් 18 · පි. 348

عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ92

ඔහු ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.
23:93ජුස් 18 · පි. 348

قُلْ رَبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ93

මාගේ පරමාධිපතියාණනි, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට මෙන් පෙන්වා දෙන්නේ නම් ! යැයි නුඹ පවසනු.
23:94ජුස් 18 · පි. 348

رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ94

මාගේ පරමාධිපතියාණනි, අපරාධකාරී ජනයා අතරට මා පත් නොකරනු මැනව!
23:95ජුස් 18 · පි. 348

وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ95

තවද අප ඔවුනට ප්‍රතිඥා දෙන දෑ නුඹට අප පෙන්වීමට නියත වශයෙන්ම අපි බලය ඇත්තෝ වෙමු.
23:96ජුස් 18 · පි. 348

ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ96

වඩාත් අලංකාර වනුයේ කුමක් ද එමගින් නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳ ව අපි මැනවින් දන්නෙමු.
23:97ජුස් 18 · පි. 348

وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ97

මාගේ පරමාධිපතියාණනි, ෂෙයිතානුන්ගේ පෙලඹවීම් වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.
23:98ජුස් 18 · පි. 348

وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ98

තවද මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.
23:99ජුස් 18 · පි. 348

حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ99

ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නැවත හරවා යවනු මැනව ! යැයි ඔහු පවසයි.
23:100ජුස් 18 · පි. 348

لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ100

දැහැමි දෑ සිදු කරනු වස් (මා නැවත හරවා යවනු මැනව !) එසේ නොව නියත වශයෙන්ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසු ව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.
23:101ජුස් 18 · පි. 348

فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ101

එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් නොපවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නොගනිති.
23:102ජුස් 18 · පි. 348

فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ102

එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ.
23:103ජුස් 18 · පි. 348

وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ103

තවද කවරෙකුගේ තුලාව බරින් සැහැල්ලු වූයේ ද එසේ වූ විට තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.
23:104ජුස් 18 · පි. 348

تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ104

(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි තොල්පෙති විකෘති වූවෝ වෙති.
23:105ජුස් 18 · පි. 349

أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ105

මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නොලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහුය.
23:106ජුස් 18 · පි. 349

قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ106

අපගේ පරමාධිපතියාණනි, අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.
23:107ජුස් 18 · පි. 349

رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ107

අපගේ පරමාධිපතියාණනි, අප ව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අපි අපරාධකරුවෝ වෙමු.
23:108ජුස් 18 · පි. 349

قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ108

නුඹලා එහි අවමානයෙන් ගත කරනු. තවද නුඹලා මට කතා නොකරනු යැයි ඔහු පවසයි.
23:109ජුස් 18 · පි. 349

إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ109

නියත වශයෙන්ම මාගේ ගැත්තන් අතුරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.
23:110ජුස් 18 · පි. 349

فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنْسَوْكُمْ ذِكْرِي وَكُنْتُمْ مِنْهُمْ تَضْحَكُونَ110

එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කරවන තෙක් නුඹලා ඔවුන් සමච්චලයට ගත්තෙහුය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය.
23:111ජුස් 18 · පි. 349

إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ111

ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන්ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන්ම ඔවුහුමය ජයග්‍රාහකයෝ.
23:112ජුස් 18 · පි. 349

قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ112

නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද?
23:113ජුස් 18 · පි. 349

قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ113

දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු යැයි ඔවුහු පවසති. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු.
23:114ජුස් 18 · පි. 349

قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ114

නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය.
23:115ජුස් 18 · පි. 349

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ115

නියත වශයෙන්ම අපි නුඹලා සහේතුවකින් මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?
23:116ජුස් 18 · පි. 349

فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ116

එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.
23:117ජුස් 18 · පි. 349

وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ117

තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයෝ ජය නොලබනු ඇත.
23:118ජුස් 18 · පි. 349

وَقُلْ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ118

මාගේ පරමාධිපතියාණනි, නුඹ සමාව දෙනු මැනව ! තවද කරුණා කරනු මැනව ! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අති ශ්‍රේෂ්ඨයාණන්ය.

සූරාවේ ආරම්භයෙන් වාදනය කරන්න